රෝම අධිරාජ්‍යයේ දේශසීමා පුළුල් කළ ජුලියස් සීසර් රෝමයේ පළමු පූර්ණ බලධාරි පාලකයා බවට පත් විය. එහෙත් ඔහුගේ බෑණනුවන් වන ඔක්ටේවියන් ක්‍රි. පූ. 27 දී බලයට පැමිණෙන තෙක් රෝමය නිල වශයෙන් අධිරාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වී නොතිබුණි. ඔක්ටේවියන් උපන්නේ, කේයස් ඔක්ටේවියස් සහ ඇටියා යුවලට පුත් ව ය. ඔක්ටේවියන්ගේ මව වූ ඇටියා, ජූලියස් සීසර්ගේ සහෝදරියක වන ජූලියාගේ දියණියක වූවා ය. සිය මාමණ්ඩිය ඝාතනයට ලක්වන විට ඔහුගේ වයස අවුරුදු 30 ක් විය.
ජූලියස් සීසර් විසින් සිය අනුප්‍රාප්තිකයා ලෙස ඔක්ටේවියන් නම් කර තිබුණි. එහෙත් සිය මාමණ්ඩියගේ අනුගාමිකයන් මෙන් ම එදිරිවාදීන්ගේ ද විරෝධතාවයන්ට මුහුණ දීමට ඔක්ටේවියන්ට සිදු විය. අනතුරුව ත්‍රියාධිපත්‍යයක හෙවත් ත්‍රිපුද්ගල පාලන කමිටුවක සාමාජිකයෙක් වශයෙන් රෝමය පාලනය කිරීමට ඔක්ටේවියන් එකඟ විය. එහි අනෙකුත් සාමාජිකයන් වූයේ මාකස් ලෙපිඩස්, (ක්‍රි. පූ. ?-13) හා සීසර්ගේ විශ්වාසවන්ත ම සෙනෙවියකු වූ මාක් ඇන්ටනි ය. (ක්‍රි. පූ. ? - 42). සීසර් ඝාතනය සඳහා කුමන්ත්‍රණය කළවුන් අතරින් දෙදෙනකු වූ ගේයස් කැසියස් හා මාකස් ජූනියස් බ්‍රෑටස් විසින් ඇති කරන ලද සිවිල් යුද්ධයකට මුහුණ දීමට මෙම ත්‍රියාධිපත්‍යයට සිදු විය. ඔවුන්ට අවශ්‍ය වූයේ රෝමයේ සමූහාණ්ඩුව නැවත ස්ථාපනය කිරීමට යි. ඔවුන්ගේ පරාජයෙන් පසු ත්‍රිපුද්ගල පාලන කමිටුව, අධිරාජ්‍යය භූගෝලීය වශයෙන් කොටස් තුනකට වෙන් කොට පාලනය කිරීමට කටයුතු කළ අතර ඔක්ටේවියන්ට යුරෝපය ද, ලෙපිඩස්ට අප්‍රිකාව ද, ඇන්ටනිට ඊජිප්තුව ද පාලනය සඳහා හිමි විය.
දේශීය රාජාණ්ඩුව රෝම පාලනයට නතු වූ ඊජිප්තුවේ අගනුවර වූ විශ්වදේශී ඇලෙක්සැන්ඩ්‍රියාව සිය බල කේන්ද්‍රස්ථානය වශයෙන් ස්ථාපනය කරගත් ඇන්ටනි ඊජිප්තුවේ රැජින වූ ක්ලියෝපැට්‍රා (ක්‍රි. පූ. 69-30) සමඟ පෙමින් වෙලී ඇය විවාහ කර ගත්තේ ය. සිය අනුප්‍රාප්තිකයන් වශයෙන් දරු තිදෙනා නම් කළ ඇන්ටනි විශාල වියදමක් දරමින් සිය බිරිඳට නිරන්තරයෙන් තිළිණ ප්‍රදානය කෙළේ ය. මේ හේතුව නිසා, ඔහු ත්‍යාගයක් වශයෙන් රෝමය ඇයට ප්‍රදානය කිරීමට යන බවට කටකථාවක් ද පතළ විය. මේ බව සැලවුණු ඔක්ටේවියන් ඉන් කිපී වහා ම ඇන්ටනිට විරුද්ධව යුද ප්‍රකාශ කෙළේ ය. දෙපාර්ශ්වය ක්‍රි. පූ. 31 දී ඇක්ටියම් සටනේ දී මුහුණට මුහුණ හමු වූ අතර එහි දී ඇන්ටනි සහ ක්ලියෝපැට්‍රාගේ සේනාවෝ පරාජයට පත් වූ හ. ශේෂ වූ සේනාව ද රැගෙන ඔවුන් ඊජිප්තුවට පලා යන අතර ඔක්ටේවියන් ඔවුන් පසුපස ලුහු බැඳ ගියේ ය. තම අභිප්‍රාය ඉටු නොවන බව අවබෝධ කරගත් ඇන්ටනි සහ ක්ලියෝපැට්‍රා ක්‍රි. පූ. 30 දී දිවි නසා ගත් හ.
ක්‍රි. පූ. 29 දී පෙරළා රෝමයට පැමිණි ඔක්ටේවියන්, ඔගස්ටස් සීසර් යන නව නාමය ලබා ගනිමින් තමා රෝමයේ අධිරාජයා බවට ප්‍රකාශයට පත් කෙළේ ය. ඔහුගේ පාලනය යටතේ රෝම අධිරාජ්‍යය දැඩි විනයකට යටත් කරන ලද අතර එය මධ්‍යගත ව පාලනය වන රාජාණ්ඩුවක් බවට පත් විය. හේ ලතින් භාෂාව සහ රෝමානු වර්ණ මාළාව සමස්ත යුරෝපයේ ම සම්මතය බවට පත් කෙළේ ය. ඔක්ටේවියන්, ඔගස්ටස් සීසර් බවට පත් වීමට පෙර ද රෝමය අධිරාජ්‍යයක් වශයෙන් නාමික ව පැවතිමුත්, එය අධිරාජ්‍යයක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔගස්ටස් විසිනි. ඉන් අනතුරු ව එළැඹි ලතින් බසින් ‘පැක්ස් රොමානියා’ ලෙස හඳුන්වනු ලබන සාමකාමී සමය ලොව පුරා බල පැවැත්වුණේ ඔහුගේ රාජ්‍ය කාලය තුළ දී ය.
බලසම්පන්න කේවල නායකත්වයක් යටතේ එක් සේසත් වූ රෝමය සංස්කෘතික වශයෙන් හා වාණිජමය වශයෙන් අතිශය සමෘද්ධිමත් භාවයකට පත් විය. කලාව හා සාහිත්‍යය රෝම ජන ජීවිතයේ වැදගත් අංගයක් බවට පත් වූ අතර රෝම නගරයේ මෙන් ම සමස්ත යුරෝපය පුරා, මංමාවත්, පාලම්, වාරිමාර්ග, රංගමණ්ඩප, තට්ටු නිවාස හා මහජන ගොඩ නැගිලි ආදිය ඉදිකිරීම සඳහා යෝධ ව්‍යාපෘති බිහි වන්නට විය. ‘ගඩොලින්’ තැනූ රෝමයක් උරුමයෙන් ලත් ඔක්ටේවියන් ‘කිරිගරුඬින්’ තැනූ රෝමයක් ඉතිරි කොට ගිය බවට කියමනක් තිබේ.
ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men
Showing posts with label රජවරු අධිරාජ්‍යයන් හා දේශපාලකයන්. Show all posts
Showing posts with label රජවරු අධිරාජ්‍යයන් හා දේශපාලකයන්. Show all posts
Saturday, May 12, 2018
Sunday, August 13, 2017
රෝම අධිරාජ්‍යයේ නිම්වළලු පුළුල් කළ ගේයස් ජූලියස් සීසර්. | (ක්‍රි. පූ. 102-44)
ප්‍යුනික් යුද්ධයේ දී (ක්‍රි. පූ. 264-146) කාතේජ් නුවර ලද පරාජයත් සමඟ මධ්‍යධරණී කලාපය රෝමවරුන් ගේ පාලනයට නතු විය. රෝම නායකයන් ගේ ආකල්පය වූයේ ලෝකයේ හැකි තරම් විශාල භූමි ප්‍රමාණයක් යටත් කරගෙන පාලනය කිරීමේ වරම දෛව නියමයෙන් තමනට හිමි වී තිබෙන බවකි. මෙම ආකල්පය යථාර්ථයක් බවට පත් කෙළේ ඉන් පෙර කිසි දාක කිසි දු රෝම අධිරාජයකු විසින් රැගෙන නොගිය තරම් ඈතට රෝම අධිරාජ්‍යයේ ප්‍රත්‍යන්ත දේශ සීමා විහිදුවා ලූ ජූලියස් සීසර් විසිනි. ඔහු ජීවත් ව සිටින කාලය තුළ රෝමය පැවතියේ සමූහාණ්ඩුවක් වශයෙන් පමණක් වූ අතර නිල අධිරාජ තනතුර ඇති වූයේ ද ඔහු ගේ මරණයෙන් පසුව ය. එතෙකුදු වුව, පුරාවෘත්ත, කාව්‍ය, සහ ශේක්ස්පියර් නෘත්‍යයන් මඟින් අමරණීයත්වයට පත් කරන ලද ජූලියස් සීසර්, රෝමයේ බිහි වූ උත්කෘෂ්ටතම ‘අධිරාජයා’ වශයෙන් සලකනු ලැබේ.
කුලීන පවුලක පුත් ව උපන් සීසර්, රෝම යුද හමුදාවට බැඳී ආසියාවේ දී විශිෂ්ට දස්කම් දක්වා වික්‍රමාන්විත භාවය සඳහා ලැබෙන ඉහළ ම පදක්කම වූ ‘ප්‍රජා කිරුළ’ ද ලබා ගත්තේ ය. පෙරළා සිය රට පැමිණි සීසර් දේශපාලනයට ප්‍රවිශ්ට වී වයස 34 දී රාජ්‍ය භාණ්ඩාගාරික වශයෙන් පත් වූ අතර වයස 39 දි ප්‍රධාන ප්‍රීස්ටැට් වරයාද වයස 43 වන විට රාජ්‍යතාන්ත්‍රිකයකු බවට ද පත් විය.
රෝමයේ බලය හා ශ්‍රී විභූතිය මෙන් ම සිය පෞද්ගලික යශෝ කීර්තිය වර්ධනය කිරීමේ අරමුණින් සීසර් උතුරු දෙසට සාර්ථක හමුදා මෙහෙයුමක් දියත් කෙළේ ය. ක්‍රි. පූ. 58 හා 55 අතර දී ඔහු ගෝල් (වර්තමාන ප්‍රංශය) හෙල්වෙටි (ස්වට්සර්ලන්තය) හා බෙල්ජිකා (බෙල්ජියම) නගර ජයගත්තේ ය. බ්‍රිතාන්‍යයෙන් ද බොහෝ ප්‍රමාණයක් ආක්‍රමණය කර අත්පත් කර ගත් හේ රයින් ගඟ තරණය කොට ජර්මානුන් හා සටන් වැදුණේ ය.
සීසර් වීරයකු ලෙස රෝමයට ආපසු පැමිණියත් ජෙරුසලම යටත් කළ රෝම ජනරාල්වරයා වූ පොම්පේ (ක්‍රි. පූ. 106-48) සමඟ දේශපාලන ගැටුමක් ඇතිකර ගත්තේ ය. ප්‍රධාන කොන්සල් ධූරය හෙබ වූ පොම්පේ විවාහ වි සිටියේ සීසර් ගේ දියණිය වූ ජූලියා සමඟ ය. සීසර් කොන්සල් ධූරය තමාට ලබා දෙන මෙන් ඉල්ලා සිටිය ද එය ලැබුණේ පොම්පේට ය.
එවකට පැවති නීතිය අනුව ජනරාල්වරුන්ට තම හමුදා රෝම නගරය තුළට ගෙන ඒම තහනම් වූ අතර එම හමුදාවන් රුබිකෝන් ගංගාවට උතුරින් නවතා තැබිය යුතු විය. ක්‍රි. පූ. 50දී මෙම නීතිය හිතුවක්කාර ලෙස බිඳ දමමින් සීසර් රුබිකෝන් ගඟ තරණය කර රෝමයට ඇතුළු වූයේ කුමන්ත්‍රණයක් දියත් කරමිනි. පොම්පේ නිලයෙන් පහ කළ සීසර්, සමූහාණ්ඩුව ද අහෝසි කර ඔහු සැලසුම් කළ පරිදි ම රෝමයේ ඒකායන පාලකයා බවට පත් වූයේ ය. ග්‍රීසිය පුරා රෝම පාලනය තහවුරු කළ හේ සිරියාවට සහ ඊජිප්තුවට එරෙහි ව විජයග්‍රාහී සටනක් දියත් කෙළේ ය. ක්‍රි. පූ. 46 දී පෙරලා රෝමයට පැමිණ එහි නිත්‍ය ඒකාධිපති පාලකයා බවට පත් වූ සීසර්, මහා ඇලෙක්සැන්ඩර්ටත් වඩා ප්‍රබල වූ ඉතිහාසයේ විශිෂ්ටතම ම විජයග්‍රාහකයා ලෙස රෝමය පාලනය කෙළේ ය.
ඔහු හා වෛර බැඳගත් සගයකු වූ මාකස් ජූනියස් බ්‍රෑටස් (ක්‍රි. පූ. 85-42) අතින් ක්‍රි. පූ. 44 මාර්තු 15 දින රෝමානු සෙනේට් සභාවේ දී ඝාතනයට ලක් වන තුරු ම සීසර් රෝමයේ අනභිභවනීය පාලකයා වූයේ ය.
ජුලියස් සීසර් රෝමයේ පමණක් නොව සමස්ත යුරෝපා ඉතිහාසයේ ම ගමන් මඟ විශාල වශයෙන් වෙනස් කෙළේ ය. රෝමය තුළ සමූහාණ්ඩුව අහෝසි කළ හේ තත්වාකාර අධිරාජ තනතුරක් නිර්මාණය කෙළේ ය. සීසර් ගේ මරණයෙන් වසර 14 කට පසු බලයට පත් ඔහු ගේ බෑණනුවන් වූ සීසර් ඔගස්ටස් විසින් එම අධිරාජ තනතුර නිල තත්වයකට පත් කරන ලද්දේ ය. සීසර් බලය හඹා ගෙන නැගී ආ අවදියේ රෝමය, මධ්‍යධරණී ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත් ව තිබුණි. ඔහු ගේ මරණය සිදු වන විට රෝමය යුරෝපයේ පමණක් නොව ඇතැම් විට මුළු ලෝකයේ ම ප්‍රථම සුපිරි බලය බවට පත් ව තිබුණේ ය.

Saturday, November 12, 2016
චීනය එක් සේසත් කළ ෂි හුවාන් ටී | (ක්‍රි. පූ. 259-210 )
19 වන ශතවර්ෂයට පෙර ලෝකයේ මිනිස් හස්තයකින් බිහි වූ ශ්‍රේෂ්ටතම ඉංජිනේරුමය ව්‍යාපෘතිය වූ චීන මහා ප්‍රාකාරය පිලිබඳ අදහස පහළ වී එහි වැඩ කටයුතු ආරම්භ කළ පුද්ගලයා ෂි හුවාන් ටී ය. ලෝකයේ වැඩි ම ජනගහනයක් සිටින චීනය පළමු වරට එක්සේසත් කළ නායකයා ද ඔහු විය. ඔහු චීන ඉතිහාසයේ ප්‍රථම අධිරාජයා වශයෙන් සැලකේ.
රෝම අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධියට පෙර හා පසු යුරෝපය පැවතියේ යම් සේ ද, චීනය ද දේශපාලන වශයෙන් බෙදුණු, එකිනෙකාට රැහැනි වූ යුද නායකයින් විසින් පාලනය කරනු ලැබූ වැඩවසම් නගර රාජ්‍ය රාශියකින් සම්පිණ්ඩනය වී තිබිණ. මෙම රාජ්‍යයන් එක්සත් වූ යේ චෞ වංශිකයන් ගේ සමයේ බිහි වූ පොදු සංස්කෘතිය හේතු කොටගෙන වූ අතර එහි සම්භවය සිදු වූයේ ක්‍රි. පූ. 770 ට පසු යැංසි ගං මිටියාවතේ ය. එමගින් චීනයේ සෙසු ප්‍රදේශ සියල්ලකට ම සංස්කෘතික නො එසේ නම් දේශපාලනික වශයෙන් බලපෑමක් සිදු විය.
මේ කාලය තුළදී කොන්ෆියුසියස් (කුං ෆු-ත්සු) ගේ උගැන්වීම් ද චීන සංස්කෘතිය වෙත දැවැන්ත බලපෑමක් එල්ල කෙළේ ය. මිලියන 5.2 ක ජනතාවක් විසින් තවමත් ආගමක් ලෙස අදහනු ලබන කොන්ෆියුසියස් ධර්මයෙන් අවධාරණය කැරුණේ ජාතික මට්ටමින් මෙන් ම පෞද්ගලික මට්ටමින් ද අවිරෝධී හා සාමකාමී සමාජ ක්‍රමයක් තිබිය යුතු බව ය. කෙ සේ වෙතත් ඔහු ගේ මරණින් පසු චීනය කැබලිවලට කැඩී ගොස් පසමිතුරු රාජ්‍ය සමයකට (403-221) අවතීර්ණ විය.
මෙම පසමිතුරු සමය ක්‍රි. පූ. 221-210 චින් රාජවංශය පැමිණීමත් සමග ම නිමාවට පත් වූ අතර එම කාල පරිච්ඡේදයේ දී ෂි හුවාන් ටී ප්‍රථම වරට චීනය එක්සේසත් කිරීමට සමත් විය. චීනයට මධ්‍යම ආණ්ඩුවක් හඳුන්වා දුන් ඔහු ජනසංගණනයක් ද පැවැත් වී ය. රටේ කාසි භාවිතය, ලිඛිත භාෂාව, නීතිය, හා කිරුම් මිණුම්, ප්‍රමිතිකරණය කෙළේ ය. එහෙත් ඔහුගේ දුර්වලතාවයක් වූයේ දයා විරහිත ඒකාධිපතියකු ලෙස ක්‍රියා කරමින් කොන්ෆියුසියානු ධර්මය චීනයෙන් අතු ගා දැමීමට උත්සාහ කිරීම යි. එතෙකුදු එය සාර්ථක වූයේ අර්ධ වශයෙනි.
සිය පාලනය වඩාත් ශක්තිමත් කිරීමේ හා මධ්‍යම ආසියාවේ මොන්ගෝලියානුවන්ගෙන් තම රට ආරක්‍ෂාකර ගැනීමේ අරමුණින් ඔහු චීන මහා ප්‍රාකාරය ගොඩනැංවීමට නියම කෙළේ ය. නිත්‍ය නේවාසික මුරකරුවන් රැඳවූ ස්ථිර මුර කුළුණු වලින් සමන්විත, සැතපුම් 1500 ක් දිගින් යුත් මේ මහා යෝධ ප්‍රාකාරය හේතුවෙන් එක්සත් චීනයට නො නැසී පැවතීමට හැකි වූයේ ය.
ෂී හුවාන්ගේ ඇවෑමෙන් චීනයේ බලයට පත් වූයේ හන් රාජවංශයයි. ඔවුහු ෂි ගේ මධ්‍යම ආණ්ඩු ක්‍රමය දිගට ම පවත්වාගෙන ගිය අතර කොන්ෆියුසියානු ධර්මය නැවත ස්ථාපිත කළ හ. හන් රාජවංශය විසින් චීනයේ මැන්ඩරියානු සමාජ හා දේශපාලන ක්‍රමය ස්ථාපනය කරන ලද අතර එය චීන සමාජයේ මූලික පදනම ලෙස ෂින් (මංචු) රාජවංශය (1644-1912) යටතේ පවා ක්‍රියාත්මක වෙමින් 1947 දී කොමියුනිස්ට්වාදීන් දේශපාලන බලය අල්ලා ගන්නා තුරු ම අඛණ්ඩ ව පැවතිණ.
Friday, October 7, 2016
දිග්විජයෙන් ධර්ම විජයට පිළිපන් අශෝක (ධර්මාශෝක) | (ක්‍රි. පූ. ? - 232)
අර්ථ විවරණයන්ට අනුව කිසියම් නායකයකුට එසේ විය හැක්කේ, අප ‘නායකත්වය’ යනුවෙන් හඳුනාගනු ලබන බුද්ධියේ සහ බලයේ උත්කර්ෂවත් සංකලනයක් නිසා ය. මිනිස් ශිෂ්ටාචාරයේ මුල් අවදියේ දී නායකයන් සලකනු ලැබූයේ සර්වබලධාරී මෙන් ම යටත්වැසි ජනතාවගෙන් දුරස්ථ වූ කොට්ඨාශයක් වශයෙනි. ඔවුන් අතරින් බොහෝ දෙනකු දිව්‍යමය බලයක් ඇත්තවුන් සේ සලකනු ලැබූ අතර, දෙවියන් ලෙස සලකනු ලැබූ ඊජිප්තුවේ පාරාවෝ රජවරු මීට නිදසුන් වෙති. රජවරුන් ගේ බලය අසීමිත වූ අතර ඔවුන් රට පාලනය කරන ලද්දේ නියෝග හා තීන්දු ප්‍රකාශ මගිනි. රජු ගේ නියමය රටේ නීතිය විය. ඇතැම් රජවරු කරුණාවන්ත වූ අතර තවත් අය කෲර වූ හ. එහෙත් බොහෝ දෙනකු රට පාලනය කළේ අයෝමය හස්තයකිනි. එසේ නො කිරීම අවඥාවට ලක්වීමට හෝ ගරු බුහුමන් නොලැබීමට හේතු කාරක වෙතැයි සලකනු ලැබිණ. ඉතිහාසයේ ප්රථම වරට මෙම පිළිගැනීමට පටහැනි ව ක්‍රියා කළ පාලකයා අශෝක විය හැක.
ක්‍රි. පූ. 300 ට පමණ පෙර, වර්තමානයේ ඉන්දියාව ලෙස හඳුනාගනු ලබන ප්‍රදේශයේ මෞර්ය වංශිකයකු ව උපන් අශෝක රජු ක්‍රි. පූ. 273 සිට 232 දක්වා මගධ රාජ්‍යය පාලනය කෙළේ ය. පසුකාලීන ව ඔහු ගේ අධිරාජ්‍යය වර්තමාන ඉන්දියාව (දකුණු කොටස හැර) පකිස්ථානය, බංගලාදේශය, හා ඇෆ්ඝනිස්ථානයේ කොටසක් දක්වා පැතිරිණ. ක්‍රි. පූ. 261දී ඔහු ගේ හමුදාව රුධිරයෙන් නැහැවුණු යුද්ධයකින් කාලිංග දේශය විනාශ කළ අතර මෙහි දී මිනිස් ජීවිත 200,000 ක් පමණ අනතුරට පත් විය. මෙම දුක්ඛ දායක විනාශයෙන් කළකිරීමට පත් අශෝක අධිරාජයා එවන් විනාශයක් මැදින් ලත් ජයග්‍රහණයක කිසිදු වටිනාකමක් නොමැති බව වටහා ගත්තේ ය. අවසන බුදුදහම වැළඳ ගත් හෙතෙමේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස දිග්විජය අත් හළේ ය. සත්ව හා මිනිස් බිලි පූජාවන් තහනම් කළ හේ සිය හමුදාව ආරක්‍ෂක භූමිකාවකට පමණක් සීමාකොට පවත්වා ගත්තේ ය.
අශෝක හෘදය සාක්‍ෂියට එකඟ පුද්ගලයකු බවට පත් වූ අතර ඇතැම් විට ‘සත්‍යාවබෝධය’ ලත් ලෝකයේ ප්‍රථම මහේශ්වරයා ඔහු විය හැකි ය. පැවත ආ ක්‍රමය වෙනස් කළ ප්‍රථම පාලකයා ද ඇතැම් විට ඔහු විය හැක. දිග් විජය පදනම් වූ ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්තියක ප්‍රචණ්ඩ භාවයෙන් අත් මිදීමට අමතර ව හේ සිය දේශීය ප්‍රතිපත්තීන් ද ප්‍රතිසන්ධානගත කෙළේ ය. ඒ අනුව ඔහු රටේ පොදු සේවා ව්‍යාපෘතීන් ආරම්භ කළ අතර, සිය පාලනය යටතේ වූ ජනතාව ගේ සුභ සාධනය සඳහා කටයුතු කරන ආයතන ද පිහිටුවී ය.

Tuesday, October 4, 2016
ලෝකයේ විශාල ම අධිරාජ්‍යය ගොඩ නැංවූ මහා ඇලෙක්සැන්ඩර් | (ක්‍රි. පූ. 356-323 )
මහා ඇලෙක්සැන්ඩර්, මැසිඩෝනියාවේ 2 වන පිලිප් සහ එපිරස්හි නෙප්ටෝල්මස් ගේ දියණිය වූ ඔලිම්පියාස් යුවලට පුත් ව උපන්නේ ය. ශ්‍රේෂ්ට නායකයකු වූ පිලිප්, ක්‍රි. පූ. 336 දී ඝාතනයට ලක් වීමට පෙර මුළු ග්‍රීසිය ම ඔහුගේ අණසක යටතේ එක් සේසත් කෙළේ ය. ඇතැන්සයේ වුසූ තරුණ ඇලෙක්සැන්ඩර් සිය පියාණන් ගේ සෙවණේ පමණක් නොව සිය ගුරුවරයා වූ මහා දාර්ශනික ඇරිස්ටෝටල් ගේ ඇසුරේ ද හැදී වැඩුණේ ය. දෛවයෙන් ම ශ්‍රේෂ්ටයකු වීමට නියම වී සිටි ඇලෙක්සැන්ඩර් වයස අවුරුදු 20දී සිය පියා ගේ මරණින් පසු රජකමට පත් වූයේ ය. ඇලෙත්සැන්ඩර් ගේ පාලන කාලය වසර 13 කට සීමා වුවත් එම කාලය තුළ දී මෙතෙක් ලොව නොපැවති තරමේ විශාල අධිරාජ්‍යයක් ගොඩනැංවීමට ඔහු සමත් විය.
ශතවර්ෂයකට පෙර පර්සියානුවන්ට කළ නො හැකි ව තුබූ කාර්යයක් ඉටු කිරීමට ඇලෙක්සැන්ඩර්ට දෛවයෙන් නියම වී තිබිණි. ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා විහිදී ගිය, යුරෝපය සහ ආසියාව අතර පිහිටි සුවිසල් අධිරාජ්‍යයක් හේ ස්ථාපිත කෙළේ ය. ‘මහා ඇලෙක්සැන්ඩර්’ නමින් ඔහු හඳුන්වනුයේ එහෙයිනි.
ක්‍රි. පූ. 333 පැවති ඉසුස් සටනේ දී, පර්සියානු අධිරාජයා වූ 3වන ඩේරියස්, ඔහු විසින් පරාජය කරනු ලැබීමෙන් අනතුරු ව පර්සියන් අධිරාජ්‍යය කැබලිවලට කැඩී ගියේ ය. පිලිප්ගෙන් තමනට උරුම වූ අධිරාජ්‍යය හා සසඳන කල එමෙන් 50 ගුණයක භූමි ප්‍රමාණයකින් ද, 20 ගුණයක ජනගහණයකින් ද සමන්විත අධිරාජ්‍යයක් වයස 33 වන විට ඇලෙක්සැන්ඩර් පාලනය කළේ ය. ඔහු ගේ බල ප්‍රදේශයට ග්‍රීසිය, ඊජිප්තුව, පෙර පැවති පර්සියන් අධිරාජ්‍යය, සහ අද මැද පෙරදිග වශයෙන් හඳුන්වනු ලබන මුළු භූමි ප්‍රදේශය ම ඇතුළත් විය. ඔහු උතුරින් යුරෝපයේ ඩැනියුබ් ගඟ දක්වාද, නැගෙනහිරින් ඉන්දියාවේ ගංගා නම් ගඟ දක්වා ද, දුරක් ගමන් කෙළේ ය. ඔහු නයිල් නදියේ ප්‍රභව ස්ථානය සෙවීම සඳහා අප්‍රිකාවේ ඈත හිමයට ගවේශක කණ්ඩායමක් පවා පිටත් කර හැරියේ ය.
ක්‍රි. පූ. 323 දී මිය යන විට, මහා ඇලෙක්සැන්ඩර්, ලෝකය එතෙක් දැන සිටි ශ්‍රේෂ්ටතම සේනාධිනායකයා මෙන් ම අධිරාජ්‍ය-තනන්නා ලෙස සලකන ලදි. ඉන් ශත වර්ෂ 20ටත් අධික කාලයකින් පසු වර්තමානයේ දී වුව සලකන කල ඔහු ලත් ජයග්‍රහණයන්ට සමකළ හැකි තරගකරුවන් සිටින්නේ අතළොස්සක් පමණි.
ඇලෙක්සැන්ඩර් අතිදක්ෂ මෙන්ම ජනකාන්ත නායකයකු වනවාට අමතර ව ඔහු ගේ අධිරාජ්‍යයේ වැදගත් දෙයක් වූයේ මෙතෙක් එකිනෙකට වෙන් වෙන්ව පැවති ප්‍රදේශවල පැවති එකිනෙකට වෙනස් වූ සංස්කෘතීන් අතර පළමුවරට නිදහසේ අදහස් හුවමාරුවක් ඇතිකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම යි. වෙනත් බොහෝ ජයග්‍රාහී නායකයින් මෙන් නොව මහා ඇලෙක්සැන්ඩර් තමාට යටත් වූ ප්‍රදේශවල ජනතාව ගේ අදහස් පිලිගැනීමට කැමති වූවා පමණක් නොව පර්සියානු දේශපාලන සංවිධානවලින් උගත් දේ ක්‍රියාවට ද නැංවූයේ ය. අනෙක් අතින් ගත් කල ඉන්දියාවේ කලාවට ග්‍රීක කලාව බල පෑවේ ය. වයස 33 දී සිදු වූ අකල් මරණයට පෙර ඇලෙක්සැන්ඩර් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය ද ගොඩ නැංවී ය. එහි ස්ථාපනය කළ මහා පුස්තකාලය වසර දහසක් පමණ පුරා පැවතුණ අතර එය ලෝකයේ ශ්‍රේෂ්ටතම අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් විකාශනය වූයේ ය.

Wednesday, April 15, 2015
පෙරික්ලීස් | ග්‍රීසිය (ක්‍රි. පූ. 429)
![]() |
| පෙරික්ලීස් |
පෙරික්ලීස් පුරාතනයේ සිටි ශ්‍රේෂ්ටතම ව්‍යවස්ථාපිත රාජ්‍ය තාන්ත්‍රිකයා වශයෙන් සැලකෙන අතර ඔහු ලබා ගත් ජයග්‍රහණ මාලාව සිත් අලවන සුලු ය. ඔහු ඇතන්ස් හි බල සේනා ලෝකයේ බලවත් ම හමුදාවන්ගෙන් එකක් බවට පත් කළ අතර ඩෙල්පි ආක්‍රමණය, ඉයුබා සහ සමෝස් හි කැරළි මර්දනය ඇතුළු සටන් රාශියකට නායකත්වය දුන්නේ ය. ඔහු පාර්තිනෝන් ඇතුලු විශිෂ්ට ගොඩනැගිලි නිර්මාණ රාශියකින් ඇතන්ස් නගරය විභූතිමත් කළේ ය. ඕනෑ ම අයකුට රජයේ තනතුරක් දැරිය හැකි පරිදි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ස්ථාපනය කරන ලද අතර පරිපාලන නිලධාරීන්ට වැටුප් ක්‍රමයක් ද දිලිඳුන් සඳහා සහන දීමනාවක් ද ලබා දෙන ලදි.
පෙරික්ලීස් ගේ ප්‍රියාව වූ මිලටස් හි ඇස්පේසියා (ක්‍රි. පූ. 470-410) සිය රූප සෞන්දර්ය මෙන් ම තීක්‍ෂණ දේශපාලන ඥානය නිසා ප්‍රසිද්ධ වූවා ය. ඇය ශ්‍රේෂ්ට දර්ශනවාදියකු වූ සොක්‍රටීස් (ක්‍රි. පූ. 469-399) ගේ අනුග්‍රාහිකාවක් වූ අතර පෙරික්ලීස් ගේ පාලනයේ දී අගනා සහකාරියක් වූවා ය. පෙරික්ලීස් ඇය ගෙන් ලත් සුළු පටු නො වූ බලපෑමට පින් සිදුවන්නට ඇතන්ස් එහි ස්වර්ණමය යුගයට එළැඹුණ අතර නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය බවට පත් විය.
ඇතන්ස්හි මෙම පිබිදීමට තවත් හේතුවක් වූයේ සිය එදිරිවාදී නගර රාජ්‍යයක් වූ ස්පාටා ප්‍රධාන කොට ගත් පෙලොපොනේසියන් රාජ්‍ය සන්ධානය සමග ක්‍රි. පූ. 445 දී ඔවුන් ඇති කර ගත් සාම ගිවිසුම යි. කෙ සේ වුවත් ක්‍රි. පූ. 431 දී ස්පාටාව විසින් මෙම ගිවිසුම කඩ කරමින් ආරම්භ කළ ගැටුම දශක තුනක් ඔස්සේ විහිදුණු පොලෙපනේසියන් යුද්ධය බවට පත් විය. අනතුරු ව ඇතන්ස් රාජ්‍යයට පෙරික්ලීස් යටතේ පැවති එම ශ්‍රී විභූතිය යළි කිසි දිනෙක අත් කැර ගත නො හැකි විය.
![]() |
| ඇස්පෙසියා |
Saturday, April 4, 2015
සර්ක්සෙස් I | පර්සියාව (ක්‍රි. පූ. 519 - 465)
![]() |
| සර්ක්සෙස් I |
ඊට දස වසකට පසු එ නම් ක්‍රි. පූ. 480 දී ඩේරියස් ගේ වැඩි මහල් පුත් සර්ක්සෙස් I, වඩා විශාල හමුදාවක් සංවිධානය කොට නාවික හමුදා ඒකකයන් ද සහාය කරගෙන මිලියන 2.5 ක බල සේනා සහිත ව ග්‍රීසිය බලා ගමන් කළේ ය. ඔහු ස්පාටා හි රජු වන ලෙනිඩාස්, තර්මොපයිලෙ යන ස්ථානයේ දී සම්පුර්ණයෙන් යටත් කර ගෙන ග්‍රීක හද බිම බලා පිටත් විය. එහෙත් ක්‍රි. පූ. 480 සැප්තැම්බර් 23 වන දා උපායශීලී ව පර්සියන් හමුදා සලාමිස් නම් දූපත අසළ පටු සමුද්‍ර සන්ධියකට කොටු කරගත් ග්‍රීකයෝ ඔවුන් පරදවා විනාශ කර දැමූ හ. ශීත සෘතුව තුළ නැවතත් හමුදාව රැස් කළ සර්ක්සෙස් ආපසු පැමිණ ප්ලාටේ මිටියාවතේ දී ග්‍රීකයන් හා සටන් වැදුණේ ය. මැරතන් හා සලාමිස් හිදී සිදු වූවාක් මෙන් නැවත වරක් සංඛ්‍යාවෙන් අඩු වුවත් ග්‍රීක හමුදාව විසින් විශාල හා බල සම්පන්න පර්සියන් හමුදාව පරාජය කරන ලදි. සර්ක්සෙස් ක්‍රි. පූ. 465 දී මරා දමන ලද අතර ඔහු ගේ පුත් ආටසර්ක්සෙස් ඉන් පසු ව රාජ්‍යයට පත් වුවත් ඔහු ගේ පියා ගේ රාජ්‍ය සමයේ පැවති ශ්‍රී විභූතිය ළඟා කර ගැනීමට ඔහුට නොහැකි විය.
සර්ක්සෙස් ප්ලාටේ වල දී ලබා ගත් පරාජය, පර්සියානු අධිරාජ්‍යයේ බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කෙළේ ය. තව දුරටත් ව්‍යාප්ත නො වූ එය අභ්‍යන්තර වශයෙන් බිඳ වැටීමට පටන් ගත් අතර ඊ ළඟ ශත වර්ෂය වන විට මහා ඇලෙක්සැන්ඩර් ප්‍රමුඛ ග්‍රීක හමුදාවට පහසුවෙන් යටත් කර ගත හැකි බවට පත් ව තිබුණේ ය.
එවකට කිසිවකු විසින් අනුමාන නො කළ ද, ප්ලාටේහි සටනින් උච්ච අවස්ථාවට පත් එම සංග්‍රාම ව්‍යාපාරය ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධි ස්ථානයක් විය. යම් හෙයකින් සර්ක්සෙස් ජයග්‍රහණය කෙළේ නම්, ග්‍රීසිය පර්සියානු බලපෑමට ලක් විය හැකි ව තිබූ අතර නූතන බටහිර චින්තනයේ මූලික පදනම බවට ග්‍රීක නොව පර්සියන් සාහිත්‍යය පත් විය හැකි ව තිබුණි.
Wednesday, February 22, 2012
පර්සියානු අධිරාජ්‍යය නිර්මාණය කළ මහා සයිරස් | Cyrus the Great | පර්සියාව (ක්‍රි. පූ. 558-528)
![]() |
| මහා සයිරස් |
මහා සයිරස් විසින් නිර්මාණය කරන ලද පර්සියානු අධිරාජ්‍යය, ඉතිහාසය පුරා බිහි වූ ආදීතම ශ්‍රේෂ්ට අධිරාජ්‍යයන් අතරට ගැනෙන අතර, එය නිරිතදිග ආසියාවේ හා නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශයේ ඇති වූ වැදගත් ම අධිරාජ්‍යයන්ගෙන් එකකි. ඔහු පර්සියානු රදළ වංශිකයකු වන කැම්බිසස් ගේ සහ මීඩියා හි රජ වූ ඇස්ට්යේජස් ගේ දියණිය වූ මැන්ඩේන් කුමරිය ගේ පුත්‍රයා විය. ජනප්‍රවාදයට අනුව ඇස්ට්යේජස් රජු සිය මුනුපුරා මුළු ආසියාවේ ම පාලකයා වන බවට සිහිනෙන් දුටුවේ ය. එ බැවින් සයිරස් කුඩා කාලයේ ම මරා දැමීමට ඔහු තැත් කළේ ය. එහෙත් ඉන් ගැලවුණු සයිරස් තරුණ වයසට පැමිණ සිය මුත්තණුවන් හා සටන් කොට පරදවා ලූයේ ඔහු දුටු සිහිනය සැබෑ කරමිනි. ලිඩියන් අධිරාජ්‍යය යටත් කළ සයිරස් බැබිලෝනියාව ජය ගත්තේය. චූල ආසියාවේ වූ ග්‍රීක නගර සියල්ල අල්ලා ගත්තේ ය. බයිබලයේ සඳහන්කර ඇති අන්දමට (II Chronicles 36:22-23 හා Ezra1:1-4) ඔහු පර්සියාවේ සිර කර ගෙන සිටි හීබ්‍රෑ ජනතාව නිදහස් කෙළේ ය.
![]() |
| "සයිරස්ගේ හිස ටොමිරිස් රැජින වෙත ගෙන ඒම" සිතුවම |
සයිරස් ගේ ජයග්‍රණයන් තුළින් පර්සියාවේ පැවති සරු සාර සංස්කෘතිය එ කල සංවර්ධිත ව පැවති රටවල් බොහොමයකට පැතිර ගියේ ය. සිතියන් මාස්ගෙටේට එරෙහි ව මෙහෙය වූ අවසාන සටනේ දී සයිරස් ගේ හමුදාවන් පරාජයට පත් වූ අතර එහි දී ඔහු මැරුම් කෑවේ ය. සයිරස් ගේ අවසාන පරාජය සුප්‍රකට බරොක් සිත්තරකු වූ පීටර් පෝල් රියුබන් (1577-1640) විසින් සයිරස්ගේ හිස ටොමිරිස් රැජින වෙත ගෙන ඒම යන සිතුවමින් අමරණීයත්වයට පත් කළේ ය.
![]() |
| සයිරස්ගේ සොහොන් කොත |
Sunday, February 5, 2012
හමුරාබි (බැබිලෝනියාව - කි‍්‍ර. පූ. 1792-1750)
![]() |
| හමුරාබි |
හමුරාබි පළමු බැබිලෝනියානු රජ පෙළපතේ 6 වන රජුය. ඔහු බයිබලයේ (උත්පත්ති කථා 14.1) සඳහන් වන ෂිනෝරයේ රජු වූ අම්රාෆෙල් වීමට ද ඉඩ ඇත. මේනස් වසර දහසකට පමණ පෙර ඊජිප්තුව එක් සේසත් කළාක් මෙන්, ඔහු තම හමුදාව මෙහෙයවා අක්කාඞ්, එලම්, ලර්සා, මාරි, සහ සුමර් පරදවා බැබිලෝනියානු අධිරාජ්‍යය පිහිටුවී ය.
කෙතරම් යුද විජයග‍්‍රහණයන් ලැබූව ද, ලෝකයේ ප‍්‍රථම නීති සංග‍්‍රහය ඔහු අතින් බිහි නො වන්නට, ඔහුගේ නම ද බල සම්පන්න රණ ශූරයකු වශයෙන් පමණක් පැවත කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ තිබිණ.
සිය රාජ්‍යය යුක්ති ගරුක හා විනය ගරුක පාලනයකට යටත් කළ ශ්‍රේෂ්ට රාජ්‍ය පාලකයකු වශයෙන් ප‍්‍රචලිත වූව ද, ගරු බුහුමන් කරනු ලැබුව ද, ඔහු ගේ නීති සංග‍්‍රහය ක‍්‍රි. ව. 1901 වන තුරු ම මතකයෙන් ඈත් වී ගිය ජන ශ‍්‍රැතියකට වඩා වැඩි යමක් ලෙස සලකනු ලැබූයේ නැත. එම වසරේ දී ප‍්‍රංශ පුරා විද්‍යාඥයෝ පුරාණ බැබිලෝනියානු නටබුන් අතරින් දැවැන්ත ගල්ලෑල්ලක කීලාකාර අක්‍ෂර වලින් කොටා තිබූ හමුරාබි ගේ නීති සංග‍්‍රහය, සොයා ගත් හ.
මෙහි නීති 282 ක් දක්නට ලැබුණු අතර තවත් 35 ක් කැඞී බිඳී මැකී ගිය බවක් දක්නට ලැබිණ. එක් එක් අපරාධ හා ඒවාට දිය යුතු දඬුවම් එහි දක්වා තිබිණි. උදාහරණ වශයෙන් යම් අයකුට තම ඉඩමේ වැටියක් අලුත්වැඩියා කිරීමට නොහැකි වීමේ හේතුවෙන් අසල් වැසියකු ගේ ඉඩමක් ගං වතුරෙන් යට වී හානි සිදු වූවහොත් ඒ සඳහා ඔහු වන්දි ගෙවිය යුතු විය. අනවසරයෙන් තැබෑරුමකට ඇතුළු වන පූජකවරියක පණ පිටින් පුලුස්සා මරා දැමිය හැකි විය. වැන්දඹුවකට සිය මිය ගිය සැමියා ගේ දේපලින් තම පුත‍්‍රයාට ලැබෙන කොටසට සමාන කොටසක් හිමි විය යුතු විය. ශල්‍ය කර්‍මයක් අතරතුර දී රෝගියකු මිය ගිය හොත් වෛද්‍යවරයා ගේ අතක් කපා දැමීම දඬුවම විය. සිය බිරිය හෝ දරුවකු ණය හිමියාට වර්ෂ තුනකට ලබා දීමෙන් ණය ගැතියකුට තම ණයෙන් නිදහස් විය හැකි විය.
![]() |
| හමුරාබි ගේ නීති සංග‍්‍රහය |
පාරාවෝ මේනස් (ඊජිප්තුව - ක‍්‍රි. පූ. 3100)
![]() |
| පාරාවෝ මේනස් |
මනුෂ්‍ය සමාජය කුඩා රංචු වල සිට ගෝත‍්‍ර දක්වා ද, ඉන් පසු ව ස්වයං පාලනය සහිත ඒකකයන් වූ මහා නගර දක්වා ද, විකාශනය විය. වඩා බලවත් වූ මහා නගර වල බලපෑම තවත් පුළුල් වී කෙමෙන් අවට පිහිටි ගම්බිම් ද අත් පත් කර ගනු ලැබිණ. කි‍්‍ර. පූ. 3300 වන විට, නයිල් නදිය අවට පිහිටා තිබුණු නගර එකතු වී ඉහළ ඊජිප්තුව (සුදු කිරුළ) සහ පහළ ඊජිප්තුව (රතු කිරුළ) නමින් රාජධානි දෙකක් බිහි වී තිබිණ. කි‍්‍ර. පූ. 3100 දී පහළ ඊජිප්තුවේ රතු කිරුළ පැළැඳි මේනස් රජු මෙම රාජ්‍ය දෙක එක් සේසත් කළ අතර එය ලොව බිහි වූ පළමු අධිරාජ්‍යය බවට පත් විය.
මේනස්, ලොව එතෙක් නොපැවති අන්දමේ දේශපාලන ඒකකයක් බිහි කළේ ය. සමාජයේ කුඩා ඒකකයන් එකට එක් වී වඩාත් සංවිධානය වූ විශාල ඒකකයන් බවට පත් වීමේ ක‍්‍රියාවලිය වසර දහස් ගණනක් තිස්සේ පැවැතියත්, මේනස් විසින් ගොඩ නඟනු ලැබූ එක්සත් ඊජිප්තුව අති සුවිශේෂ ඒකකයක් විය. ඊජිප්තුව තව දුරටත් කොටස් එකතු වීමෙන් සැදුම් ලත් රාජ්‍යයක් පමණක් නො වී ය. එකම හිසක් මත පැළඳි රතු කිරුළක් හා සුදු කිරුළක් පමණක් නො වී ය. මෙම කොටස් දෙක එකට එකතු වී සීමා බන්ධනයන්ගෙන් තොර තනි රාජධානියක් හෙවත් ලොව බිහි වූ ප‍්‍රථම අධිරාජ්‍යය බවට පත් විය. එය ඉතිහාසයේ ප්රථම වරට සිදු වූ පුළුල් පදනමක් සහිත සමාජ ආර්ථික ක‍්‍රමයකට මඟ හෙළි කරන දේශපාලන ඒකකයක බිහි වීම යි.
මෙය ලොව වෙනත් තැනෙක ද සිදුවන්නට ඉඩ තිබිණි. එහෙත් අවසන එය සිදු වූයේ ඊජිප්තුවේ ය. එහි ප‍්‍රථිපලයක් වශයෙන් ඉදිරි ශත වර්ෂ ගණනාවක් ගත වන තුරු ඊජිප්තුව ලොව අග‍්‍ර රාජධානිය බවට පත් විය. මේනස් අනාගතයේ සිදුවන දේ දැන සිටියේ ද යන්න අප නො දනිතත් දේශපාලන නායකයකු වශයෙන් ඔහු ගේ තීක්ෂ්ණ භාවය ගැන ඔහු ගේ අධිරාජ්‍යයේ දීර්‍ඝ පැවැත්ම දෙස් දෙයි. ඔහු ඇබිඩෝස් අසළ වූ පැරණි තිනිස් නගරයේ සිට සිය පාලනය මෙහෙය වූ අතර ඔහු ගේ රාජ්‍ය කාලය තුළ දී ලොව ප‍්‍රථම වරට හීරෝග්ලිපික් හෝඩිය භාවිතයට ගන්නා ලද බවක් විශ්වාස කෙරේ.
![]() |
| හීරෝග්ලිපික් අක්ෂර |
පාරාවෝ වරුන් ගේ අධිරාජ්‍යය පසුකාලීන ව බිඳ වැටී වෙනත් නව අධිරාජ්‍යයන් විසින් යටපත් කරනු ලැබී ය. කෙ සේ වෙතත් පාරාවෝ වරුන් පිළිබඳ උරුමය, විද්‍යාවේ සිට ගෘහ නිර්මාණ ශිල්පය දක්වා විහිදෙන මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ වැදගත් ම සන්ධිස්ථානයක් ලෙස තවමත් සිහි කරනු ලබයි, ගරු කරනු ලබයි.
Subscribe to:
Posts (Atom)