පුද්ගලයන් රාශියක් විසින් ලෝක ඉතිහාසය හැඩ ගැස් වූ බව පවසන්නේ නම් එය නිර්මාණය කරන ලද්දේ එක් පුද්ගලයකු විසිනැයි කිව හැකිය. ඉතිහාසය හා එහි මූලික සන්ධිස්ථානයන් වාර්තා ගත කිරීමට හා අගැයීමට නූතන බටහිර ලෝකය විසින් භාවිතා කරන ක්‍රමවේදය වර්ධනය කළේ හිරොඩොටස් ය. චූල ආසියාවේ හැලිකානාසස් හි උපන් හිරොඩොටස් එවක සිටි දුෂ්ට පාලකයකු වූ ලිග්ඩාමිස්ට විරුද්ධ ව කළ විප්ලවයේ දී ප්‍රධාන භූමිකාවක් දැරූ අතර පසු ව ඇතන්ස් වෙත සංක්‍රමණය වූයේ ය. ඔහු තත්කාලීන ඉතිහාසය - විශේෂයෙන්ම ග්‍රීසිය හා පර්සියාව අතර පැවති යුද්ධ පිලිබඳ ව - හා ඊට පෙරකාලීන සිදු වීම් පිලිබඳ ව ක්‍රමානුකූල ව වාර්තාගත කිරීම ආරම්භ කළේ මෙහි දී ය. කාලීන සිදුවීම් පිලිබඳ ව මීට පෙර ද යම් යම් පුද්ගලයන් විසින් වාර්තා කොට ඇතත් ක්‍රමික ව හා විෂය මූලික ව ඓතිහාසික සිදුවීම් වල පැවති අන්තර් සම්බන්ධතාවය අධ්‍යයනය කිරීමට තැත් කළ පළමුවැන්නා ලෙස හිරොඩොටස් සැලකේ. ඉතිහාසයේ පියා වශයෙන් සැලකෙන හිරොඩොටස් ඊජිප්තුව හා මධ්‍යධරණී කලාපය පුරා සංචාරය කළ අතර එහි දී ස්වකීය මෙන් ම විජාතික සංස්කෘතීන් ද හදාරමින් හැකි උපරිම විශ්වසනීයත්වයෙන් යුතු ව තොරතුරු වාර්තාගත කළේ ය. ඉතිහාසය සිද්ධාන්තකරණයේ දී ඔහු එ වකට ග්‍රීසියේ පැවති සාම්ප්‍රදායික “ස්වර්ණමය මධ්‍යම ප්‍රතිපදාව” යන සංකල්පය භාවිතා කළේ ය. මින් සංකේතවත් වූයේ මධ්‍යස්ථ හා සමබරතාවයේ ඇති යෝග්‍ය භාවය හා පක්‍ෂග්‍රාහී හා අසමබරතාවයේ ඇති විනාශකාරී බව යි. මෙම සිද්ධාන්තයට අනුව ප්‍රකෝපකාරී සර්ක්සෙස් ගේ දෛවොපගත විනාශකාරී පරාජය නොවැළැක්විය හැක්කක් විය.
සිය ජීවිතයේ සැඳෑ සමයේ දී හිරොඩොටස් ඉතාලියේ තූරි යන ග්‍රීක ජනාවාසය බිහි කිරීමට දායක වූ අතර ඔහු මිය ගියේ ද එහි දී බව අනුමාන කැරේ.
ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men
Wednesday, July 1, 2015
Wednesday, April 15, 2015
පෙරික්ලීස් | ග්‍රීසිය (ක්‍රි. පූ. 429)
පෙරික්ලීස් |
පෙරික්ලීස් පුරාතනයේ සිටි ශ්‍රේෂ්ටතම ව්‍යවස්ථාපිත රාජ්‍ය තාන්ත්‍රිකයා වශයෙන් සැලකෙන අතර ඔහු ලබා ගත් ජයග්‍රහණ මාලාව සිත් අලවන සුලු ය. ඔහු ඇතන්ස් හි බල සේනා ලෝකයේ බලවත් ම හමුදාවන්ගෙන් එකක් බවට පත් කළ අතර ඩෙල්පි ආක්‍රමණය, ඉයුබා සහ සමෝස් හි කැරළි මර්දනය ඇතුළු සටන් රාශියකට නායකත්වය දුන්නේ ය. ඔහු පාර්තිනෝන් ඇතුලු විශිෂ්ට ගොඩනැගිලි නිර්මාණ රාශියකින් ඇතන්ස් නගරය විභූතිමත් කළේ ය. ඕනෑ ම අයකුට රජයේ තනතුරක් දැරිය හැකි පරිදි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ස්ථාපනය කරන ලද අතර පරිපාලන නිලධාරීන්ට වැටුප් ක්‍රමයක් ද දිලිඳුන් සඳහා සහන දීමනාවක් ද ලබා දෙන ලදි.
පෙරික්ලීස් ගේ ප්‍රියාව වූ මිලටස් හි ඇස්පේසියා (ක්‍රි. පූ. 470-410) සිය රූප සෞන්දර්ය මෙන් ම තීක්‍ෂණ දේශපාලන ඥානය නිසා ප්‍රසිද්ධ වූවා ය. ඇය ශ්‍රේෂ්ට දර්ශනවාදියකු වූ සොක්‍රටීස් (ක්‍රි. පූ. 469-399) ගේ අනුග්‍රාහිකාවක් වූ අතර පෙරික්ලීස් ගේ පාලනයේ දී අගනා සහකාරියක් වූවා ය. පෙරික්ලීස් ඇය ගෙන් ලත් සුළු පටු නො වූ බලපෑමට පින් සිදුවන්නට ඇතන්ස් එහි ස්වර්ණමය යුගයට එළැඹුණ අතර නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය බවට පත් විය.
ඇතන්ස්හි මෙම පිබිදීමට තවත් හේතුවක් වූයේ සිය එදිරිවාදී නගර රාජ්‍යයක් වූ ස්පාටා ප්‍රධාන කොට ගත් පෙලොපොනේසියන් රාජ්‍ය සන්ධානය සමග ක්‍රි. පූ. 445 දී ඔවුන් ඇති කර ගත් සාම ගිවිසුම යි. කෙ සේ වුවත් ක්‍රි. පූ. 431 දී ස්පාටාව විසින් මෙම ගිවිසුම කඩ කරමින් ආරම්භ කළ ගැටුම දශක තුනක් ඔස්සේ විහිදුණු පොලෙපනේසියන් යුද්ධය බවට පත් විය. අනතුරු ව ඇතන්ස් රාජ්‍යයට පෙරික්ලීස් යටතේ පැවති එම ශ්‍රී විභූතිය යළි කිසි දිනෙක අත් කැර ගත නො හැකි විය.
ඇස්පෙසියා |
Saturday, April 4, 2015
සර්ක්සෙස් I | පර්සියාව (ක්‍රි. පූ. 519 - 465)
සර්ක්සෙස් I |
ඊට දස වසකට පසු එ නම් ක්‍රි. පූ. 480 දී ඩේරියස් ගේ වැඩි මහල් පුත් සර්ක්සෙස් I, වඩා විශාල හමුදාවක් සංවිධානය කොට නාවික හමුදා ඒකකයන් ද සහාය කරගෙන මිලියන 2.5 ක බල සේනා සහිත ව ග්‍රීසිය බලා ගමන් කළේ ය. ඔහු ස්පාටා හි රජු වන ලෙනිඩාස්, තර්මොපයිලෙ යන ස්ථානයේ දී සම්පුර්ණයෙන් යටත් කර ගෙන ග්‍රීක හද බිම බලා පිටත් විය. එහෙත් ක්‍රි. පූ. 480 සැප්තැම්බර් 23 වන දා උපායශීලී ව පර්සියන් හමුදා සලාමිස් නම් දූපත අසළ පටු සමුද්‍ර සන්ධියකට කොටු කරගත් ග්‍රීකයෝ ඔවුන් පරදවා විනාශ කර දැමූ හ. ශීත සෘතුව තුළ නැවතත් හමුදාව රැස් කළ සර්ක්සෙස් ආපසු පැමිණ ප්ලාටේ මිටියාවතේ දී ග්‍රීකයන් හා සටන් වැදුණේ ය. මැරතන් හා සලාමිස් හිදී සිදු වූවාක් මෙන් නැවත වරක් සංඛ්‍යාවෙන් අඩු වුවත් ග්‍රීක හමුදාව විසින් විශාල හා බල සම්පන්න පර්සියන් හමුදාව පරාජය කරන ලදි. සර්ක්සෙස් ක්‍රි. පූ. 465 දී මරා දමන ලද අතර ඔහු ගේ පුත් ආටසර්ක්සෙස් ඉන් පසු ව රාජ්‍යයට පත් වුවත් ඔහු ගේ පියා ගේ රාජ්‍ය සමයේ පැවති ශ්‍රී විභූතිය ළඟා කර ගැනීමට ඔහුට නොහැකි විය.
සර්ක්සෙස් ප්ලාටේ වල දී ලබා ගත් පරාජය, පර්සියානු අධිරාජ්‍යයේ බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කෙළේ ය. තව දුරටත් ව්‍යාප්ත නො වූ එය අභ්‍යන්තර වශයෙන් බිඳ වැටීමට පටන් ගත් අතර ඊ ළඟ ශත වර්ෂය වන විට මහා ඇලෙක්සැන්ඩර් ප්‍රමුඛ ග්‍රීක හමුදාවට පහසුවෙන් යටත් කර ගත හැකි බවට පත් ව තිබුණේ ය.
එවකට කිසිවකු විසින් අනුමාන නො කළ ද, ප්ලාටේහි සටනින් උච්ච අවස්ථාවට පත් එම සංග්‍රාම ව්‍යාපාරය ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධි ස්ථානයක් විය. යම් හෙයකින් සර්ක්සෙස් ජයග්‍රහණය කෙළේ නම්, ග්‍රීසිය පර්සියානු බලපෑමට ලක් විය හැකි ව තිබූ අතර නූතන බටහිර චින්තනයේ මූලික පදනම බවට ග්‍රීක නොව පර්සියන් සාහිත්‍යය පත් විය හැකි ව තිබුණි.
Subscribe to:
Posts (Atom)