සර්ක්සෙස් I |
ඊට දස වසකට පසු එ නම් ක්‍රි. පූ. 480 දී ඩේරියස් ගේ වැඩි මහල් පුත් සර්ක්සෙස් I, වඩා විශාල හමුදාවක් සංවිධානය කොට නාවික හමුදා ඒකකයන් ද සහාය කරගෙන මිලියන 2.5 ක බල සේනා සහිත ව ග්‍රීසිය බලා ගමන් කළේ ය. ඔහු ස්පාටා හි රජු වන ලෙනිඩාස්, තර්මොපයිලෙ යන ස්ථානයේ දී සම්පුර්ණයෙන් යටත් කර ගෙන ග්‍රීක හද බිම බලා පිටත් විය. එහෙත් ක්‍රි. පූ. 480 සැප්තැම්බර් 23 වන දා උපායශීලී ව පර්සියන් හමුදා සලාමිස් නම් දූපත අසළ පටු සමුද්‍ර සන්ධියකට කොටු කරගත් ග්‍රීකයෝ ඔවුන් පරදවා විනාශ කර දැමූ හ. ශීත සෘතුව තුළ නැවතත් හමුදාව රැස් කළ සර්ක්සෙස් ආපසු පැමිණ ප්ලාටේ මිටියාවතේ දී ග්‍රීකයන් හා සටන් වැදුණේ ය. මැරතන් හා සලාමිස් හිදී සිදු වූවාක් මෙන් නැවත වරක් සංඛ්‍යාවෙන් අඩු වුවත් ග්‍රීක හමුදාව විසින් විශාල හා බල සම්පන්න පර්සියන් හමුදාව පරාජය කරන ලදි. සර්ක්සෙස් ක්‍රි. පූ. 465 දී මරා දමන ලද අතර ඔහු ගේ පුත් ආටසර්ක්සෙස් ඉන් පසු ව රාජ්‍යයට පත් වුවත් ඔහු ගේ පියා ගේ රාජ්‍ය සමයේ පැවති ශ්‍රී විභූතිය ළඟා කර ගැනීමට ඔහුට නොහැකි විය.
සර්ක්සෙස් ප්ලාටේ වල දී ලබා ගත් පරාජය, පර්සියානු අධිරාජ්‍යයේ බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කෙළේ ය. තව දුරටත් ව්‍යාප්ත නො වූ එය අභ්‍යන්තර වශයෙන් බිඳ වැටීමට පටන් ගත් අතර ඊ ළඟ ශත වර්ෂය වන විට මහා ඇලෙක්සැන්ඩර් ප්‍රමුඛ ග්‍රීක හමුදාවට පහසුවෙන් යටත් කර ගත හැකි බවට පත් ව තිබුණේ ය.
එවකට කිසිවකු විසින් අනුමාන නො කළ ද, ප්ලාටේහි සටනින් උච්ච අවස්ථාවට පත් එම සංග්‍රාම ව්‍යාපාරය ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධි ස්ථානයක් විය. යම් හෙයකින් සර්ක්සෙස් ජයග්‍රහණය කෙළේ නම්, ග්‍රීසිය පර්සියානු බලපෑමට ලක් විය හැකි ව තිබූ අතර නූතන බටහිර චින්තනයේ මූලික පදනම බවට ග්‍රීක නොව පර්සියන් සාහිත්‍යය පත් විය හැකි ව තිබුණි.
ඔබගේ අනගි බ්ලොගය වැඩි දෙනෙක් කියවනවා දකින්නට මම කැමැත්තෙමි. සින්ඩිවලට දමන්න
ReplyDeleteඇත්තෙන්ම සංඛ්‍යාවෙන් අඩු ග්‍රීකයන් විශාල පර්සියන් හමුදාපැරදවූ හැටි පුදුමයි .
නෙලුම් යායට එක කල ඔබේ විරුධ්ධත්වයක් නැත්නම්.
ReplyDeletehttp://nelumyaya.com/2015/04