ඔහු විසින් පළමු වරට ඉදිරිපත් කරන ලද මූලික අදහසක් වූ, රෝගියකු සුව කිරීමේ දී වෛද්‍යවරයා පොදුවේ මනුෂ්‍ය ස්වභාවය ගැන ද, එක් එක් පුද්ගලයා ගේ හා එක් එක් රෝගයේ ස්වභාවය ද අවබෝධ කර ගත යුතු ය යන්න අද ද සිහිපත් කැරේ. වෙනත් වචන වලින් කිවහොත් යම් විශේෂිත රෝග ලක්‍ෂණ වලට වඩා වෛද්‍යවරයා මනුෂ්‍ය ශරීරයේ සම්පූර්ණ යාන්ත්‍රණය තුළ වූ අන්තර් සබඳතා පිලිබඳව සැලකිල්ලක් දැක් විය යුතු ය යන්න ඉන් අදහස් කැරේ.
ශරීරයේ බිඳුණු කොටස් සුව වීම සඳහා එය මුල් ආකාරයෙන් සකස් කොට තැබිය යුතු ය යන්න ඔහු අවබෝධ කරගෙන සිටියේ ය. බිඳුණු ස්ථානයේ දෙ පසින් ම බලයක් යොදා කැඩුණු කොටස් එකිනෙක සවි වන විට ක්‍රමයෙන් නිදහස් කළ යුතු ය. වෛද්‍යවරයා සෑම විට ම බිඳුණු ස්වභාවයට වඩා රෝගියා ගේ පූර්ණ ප්‍රතික්‍රියාව කෙරෙහි සැලකිලිමත් විය යුතු බව ඔහු අවධාරණය කොට දැක්වී ය. ව්‍යායාමයෙන් ශක්තිමත් බව ද, අලස කමින් දුර්වල බව ද ලැබෙන බැවින්, මුල් අවදියේ සිට ම ක්‍රියාශීලිත්වය පවත්වා ගත යුතුය යන්න හෙතෙම අවධාරණය කෙළේ ය. ‘අභාවිතය නිසා ක්ෂය වී යාම’ වළක්වා ලීමේ නූතන වෛද්‍යවරුන්ගේ ප්‍රයත්නයන් හි දී මෙම සිද්ධාන්නතය තවමත් භාවිතා කරනු ලබ යි.
විද්‍යාත්මක වශයෙන් බලන විට හිපොක්‍රටීස් ගේ න්‍යායන් බොහෝ දුරට සීමිත ය. උදාහරණ වශයෙන් ගත් කළ රුධිර සංසරණය පිලිබඳ වූ ඔහු ඉදිරිපත් කළ අදහස් වැරදි ය. කෙ සේ වුවත් බොහෝ විද්‍යාත්මක සොයා ගැනීම් ඔහු ඉදිරි පරපුරට ඉතිරි කොට තැබුවත්, ඉදිරි සියවස් වල විකාශනය වූ වෛද්‍ය විද්‍යාවට න්‍යායික පදනමක් සැපයීමට හා වෛද්‍ය විද්‍යා ක්‍රම සහ කාර්ය පරිපාටි සම්පාදනය කිරීමට ඔහු සමත් විය. සැබවින් ම නූතන වෛද්‍ය විද්‍යාවේ ව්‍යුහාත්මක රාමුව ගොඩ නැංවූයේ හිපොක්‍රටීස් බව බොහෝ දෙනාගේ පිළිගැනීම යි.
ඔහු විසින් රචිත ‘හිපොක්‍රටීස් දිවුරුම’ අදත් නූතන වෛද්‍ය විද්‍යා ආචාර ධර්ම පද්ධතියේ මුල් ගල ලෙස සැලකේ. මෙම හිපොක්‍රටීස් දිවුරුමෙහි, වෛද්‍යවරයා හා රෝගියා අතර පැවතිය යුතු රහස්‍ය භාවය, තම රෝගියා පිලිබඳ ව වෛද්‍යවරයා ගේ වගකීම, රෝගියා ගේ තරාතිරම නො සලකා ඹ්නෑම කෙනකුට ප්‍රතිකාර කිරීමේ යුතුකම වැනි මූලික ශික්ෂාවන් අඩංගු වේ.