රෝම අධිරාජ්‍යයේ දේශසීමා පුළුල් කළ ජුලියස් සීසර් රෝමයේ පළමු පූර්ණ බලධාරි පාලකයා බවට පත් විය. එහෙත් ඔහුගේ බෑණනුවන් වන ඔක්ටේවියන් ක්‍රි. පූ. 27 දී බලයට පැමිණෙන තෙක් රෝමය නිල වශයෙන් අධිරාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වී නොතිබුණි. ඔක්ටේවියන් උපන්නේ, කේයස් ඔක්ටේවියස් සහ ඇටියා යුවලට පුත් ව ය. ඔක්ටේවියන්ගේ මව වූ ඇටියා, ජූලියස් සීසර්ගේ සහෝදරියක වන ජූලියාගේ දියණියක වූවා ය. සිය මාමණ්ඩිය ඝාතනයට ලක්වන විට ඔහුගේ වයස අවුරුදු 30 ක් විය.
ජූලියස් සීසර් විසින් සිය අනුප්‍රාප්තිකයා ලෙස ඔක්ටේවියන් නම් කර තිබුණි. එහෙත් සිය මාමණ්ඩියගේ අනුගාමිකයන් මෙන් ම එදිරිවාදීන්ගේ ද විරෝධතාවයන්ට මුහුණ දීමට ඔක්ටේවියන්ට සිදු විය. අනතුරුව ත්‍රියාධිපත්‍යයක හෙවත් ත්‍රිපුද්ගල පාලන කමිටුවක සාමාජිකයෙක් වශයෙන් රෝමය පාලනය කිරීමට ඔක්ටේවියන් එකඟ විය. එහි අනෙකුත් සාමාජිකයන් වූයේ මාකස් ලෙපිඩස්, (ක්‍රි. පූ. ?-13) හා සීසර්ගේ විශ්වාසවන්ත ම සෙනෙවියකු වූ මාක් ඇන්ටනි ය. (ක්‍රි. පූ. ? - 42). සීසර් ඝාතනය සඳහා කුමන්ත්‍රණය කළවුන් අතරින් දෙදෙනකු වූ ගේයස් කැසියස් හා මාකස් ජූනියස් බ්‍රෑටස් විසින් ඇති කරන ලද සිවිල් යුද්ධයකට මුහුණ දීමට මෙම ත්‍රියාධිපත්‍යයට සිදු විය. ඔවුන්ට අවශ්‍ය වූයේ රෝමයේ සමූහාණ්ඩුව නැවත ස්ථාපනය කිරීමට යි. ඔවුන්ගේ පරාජයෙන් පසු ත්‍රිපුද්ගල පාලන කමිටුව, අධිරාජ්‍යය භූගෝලීය වශයෙන් කොටස් තුනකට වෙන් කොට පාලනය කිරීමට කටයුතු කළ අතර ඔක්ටේවියන්ට යුරෝපය ද, ලෙපිඩස්ට අප්‍රිකාව ද, ඇන්ටනිට ඊජිප්තුව ද පාලනය සඳහා හිමි විය.
දේශීය රාජාණ්ඩුව රෝම පාලනයට නතු වූ ඊජිප්තුවේ අගනුවර වූ විශ්වදේශී ඇලෙක්සැන්ඩ්‍රියාව සිය බල කේන්ද්‍රස්ථානය වශයෙන් ස්ථාපනය කරගත් ඇන්ටනි ඊජිප්තුවේ රැජින වූ ක්ලියෝපැට්‍රා (ක්‍රි. පූ. 69-30) සමඟ පෙමින් වෙලී ඇය විවාහ කර ගත්තේ ය. සිය අනුප්‍රාප්තිකයන් වශයෙන් දරු තිදෙනා නම් කළ ඇන්ටනි විශාල වියදමක් දරමින් සිය බිරිඳට නිරන්තරයෙන් තිළිණ ප්‍රදානය කෙළේ ය. මේ හේතුව නිසා, ඔහු ත්‍යාගයක් වශයෙන් රෝමය ඇයට ප්‍රදානය කිරීමට යන බවට කටකථාවක් ද පතළ විය. මේ බව සැලවුණු ඔක්ටේවියන් ඉන් කිපී වහා ම ඇන්ටනිට විරුද්ධව යුද ප්‍රකාශ කෙළේ ය. දෙපාර්ශ්වය ක්‍රි. පූ. 31 දී ඇක්ටියම් සටනේ දී මුහුණට මුහුණ හමු වූ අතර එහි දී ඇන්ටනි සහ ක්ලියෝපැට්‍රාගේ සේනාවෝ පරාජයට පත් වූ හ. ශේෂ වූ සේනාව ද රැගෙන ඔවුන් ඊජිප්තුවට පලා යන අතර ඔක්ටේවියන් ඔවුන් පසුපස ලුහු බැඳ ගියේ ය. තම අභිප්‍රාය ඉටු නොවන බව අවබෝධ කරගත් ඇන්ටනි සහ ක්ලියෝපැට්‍රා ක්‍රි. පූ. 30 දී දිවි නසා ගත් හ.
ක්‍රි. පූ. 29 දී පෙරළා රෝමයට පැමිණි ඔක්ටේවියන්, ඔගස්ටස් සීසර් යන නව නාමය ලබා ගනිමින් තමා රෝමයේ අධිරාජයා බවට ප්‍රකාශයට පත් කෙළේ ය. ඔහුගේ පාලනය යටතේ රෝම අධිරාජ්‍යය දැඩි විනයකට යටත් කරන ලද අතර එය මධ්‍යගත ව පාලනය වන රාජාණ්ඩුවක් බවට පත් විය. හේ ලතින් භාෂාව සහ රෝමානු වර්ණ මාළාව සමස්ත යුරෝපයේ ම සම්මතය බවට පත් කෙළේ ය. ඔක්ටේවියන්, ඔගස්ටස් සීසර් බවට පත් වීමට පෙර ද රෝමය අධිරාජ්‍යයක් වශයෙන් නාමික ව පැවතිමුත්, එය අධිරාජ්‍යයක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔගස්ටස් විසිනි. ඉන් අනතුරු ව එළැඹි ලතින් බසින් ‘පැක්ස් රොමානියා’ ලෙස හඳුන්වනු ලබන සාමකාමී සමය ලොව පුරා බල පැවැත්වුණේ ඔහුගේ රාජ්‍ය කාලය තුළ දී ය.
බලසම්පන්න කේවල නායකත්වයක් යටතේ එක් සේසත් වූ රෝමය සංස්කෘතික වශයෙන් හා වාණිජමය වශයෙන් අතිශය සමෘද්ධිමත් භාවයකට පත් විය. කලාව හා සාහිත්‍යය රෝම ජන ජීවිතයේ වැදගත් අංගයක් බවට පත් වූ අතර රෝම නගරයේ මෙන් ම සමස්ත යුරෝපය පුරා, මංමාවත්, පාලම්, වාරිමාර්ග, රංගමණ්ඩප, තට්ටු නිවාස හා මහජන ගොඩ නැගිලි ආදිය ඉදිකිරීම සඳහා යෝධ ව්‍යාපෘති බිහි වන්නට විය. ‘ගඩොලින්’ තැනූ රෝමයක් උරුමයෙන් ලත් ඔක්ටේවියන් ‘කිරිගරුඬින්’ තැනූ රෝමයක් ඉතිරි කොට ගිය බවට කියමනක් තිබේ.
ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men
Saturday, May 12, 2018
Sunday, August 13, 2017
රෝම අධිරාජ්‍යයේ නිම්වළලු පුළුල් කළ ගේයස් ජූලියස් සීසර්. | (ක්‍රි. පූ. 102-44)
ප්‍යුනික් යුද්ධයේ දී (ක්‍රි. පූ. 264-146) කාතේජ් නුවර ලද පරාජයත් සමඟ මධ්‍යධරණී කලාපය රෝමවරුන් ගේ පාලනයට නතු විය. රෝම නායකයන් ගේ ආකල්පය වූයේ ලෝකයේ හැකි තරම් විශාල භූමි ප්‍රමාණයක් යටත් කරගෙන පාලනය කිරීමේ වරම දෛව නියමයෙන් තමනට හිමි වී තිබෙන බවකි. මෙම ආකල්පය යථාර්ථයක් බවට පත් කෙළේ ඉන් පෙර කිසි දාක කිසි දු රෝම අධිරාජයකු විසින් රැගෙන නොගිය තරම් ඈතට රෝම අධිරාජ්‍යයේ ප්‍රත්‍යන්ත දේශ සීමා විහිදුවා ලූ ජූලියස් සීසර් විසිනි. ඔහු ජීවත් ව සිටින කාලය තුළ රෝමය පැවතියේ සමූහාණ්ඩුවක් වශයෙන් පමණක් වූ අතර නිල අධිරාජ තනතුර ඇති වූයේ ද ඔහු ගේ මරණයෙන් පසුව ය. එතෙකුදු වුව, පුරාවෘත්ත, කාව්‍ය, සහ ශේක්ස්පියර් නෘත්‍යයන් මඟින් අමරණීයත්වයට පත් කරන ලද ජූලියස් සීසර්, රෝමයේ බිහි වූ උත්කෘෂ්ටතම ‘අධිරාජයා’ වශයෙන් සලකනු ලැබේ.
කුලීන පවුලක පුත් ව උපන් සීසර්, රෝම යුද හමුදාවට බැඳී ආසියාවේ දී විශිෂ්ට දස්කම් දක්වා වික්‍රමාන්විත භාවය සඳහා ලැබෙන ඉහළ ම පදක්කම වූ ‘ප්‍රජා කිරුළ’ ද ලබා ගත්තේ ය. පෙරළා සිය රට පැමිණි සීසර් දේශපාලනයට ප්‍රවිශ්ට වී වයස 34 දී රාජ්‍ය භාණ්ඩාගාරික වශයෙන් පත් වූ අතර වයස 39 දි ප්‍රධාන ප්‍රීස්ටැට් වරයාද වයස 43 වන විට රාජ්‍යතාන්ත්‍රිකයකු බවට ද පත් විය.
රෝමයේ බලය හා ශ්‍රී විභූතිය මෙන් ම සිය පෞද්ගලික යශෝ කීර්තිය වර්ධනය කිරීමේ අරමුණින් සීසර් උතුරු දෙසට සාර්ථක හමුදා මෙහෙයුමක් දියත් කෙළේ ය. ක්‍රි. පූ. 58 හා 55 අතර දී ඔහු ගෝල් (වර්තමාන ප්‍රංශය) හෙල්වෙටි (ස්වට්සර්ලන්තය) හා බෙල්ජිකා (බෙල්ජියම) නගර ජයගත්තේ ය. බ්‍රිතාන්‍යයෙන් ද බොහෝ ප්‍රමාණයක් ආක්‍රමණය කර අත්පත් කර ගත් හේ රයින් ගඟ තරණය කොට ජර්මානුන් හා සටන් වැදුණේ ය.
සීසර් වීරයකු ලෙස රෝමයට ආපසු පැමිණියත් ජෙරුසලම යටත් කළ රෝම ජනරාල්වරයා වූ පොම්පේ (ක්‍රි. පූ. 106-48) සමඟ දේශපාලන ගැටුමක් ඇතිකර ගත්තේ ය. ප්‍රධාන කොන්සල් ධූරය හෙබ වූ පොම්පේ විවාහ වි සිටියේ සීසර් ගේ දියණිය වූ ජූලියා සමඟ ය. සීසර් කොන්සල් ධූරය තමාට ලබා දෙන මෙන් ඉල්ලා සිටිය ද එය ලැබුණේ පොම්පේට ය.
එවකට පැවති නීතිය අනුව ජනරාල්වරුන්ට තම හමුදා රෝම නගරය තුළට ගෙන ඒම තහනම් වූ අතර එම හමුදාවන් රුබිකෝන් ගංගාවට උතුරින් නවතා තැබිය යුතු විය. ක්‍රි. පූ. 50දී මෙම නීතිය හිතුවක්කාර ලෙස බිඳ දමමින් සීසර් රුබිකෝන් ගඟ තරණය කර රෝමයට ඇතුළු වූයේ කුමන්ත්‍රණයක් දියත් කරමිනි. පොම්පේ නිලයෙන් පහ කළ සීසර්, සමූහාණ්ඩුව ද අහෝසි කර ඔහු සැලසුම් කළ පරිදි ම රෝමයේ ඒකායන පාලකයා බවට පත් වූයේ ය. ග්‍රීසිය පුරා රෝම පාලනය තහවුරු කළ හේ සිරියාවට සහ ඊජිප්තුවට එරෙහි ව විජයග්‍රාහී සටනක් දියත් කෙළේ ය. ක්‍රි. පූ. 46 දී පෙරලා රෝමයට පැමිණ එහි නිත්‍ය ඒකාධිපති පාලකයා බවට පත් වූ සීසර්, මහා ඇලෙක්සැන්ඩර්ටත් වඩා ප්‍රබල වූ ඉතිහාසයේ විශිෂ්ටතම ම විජයග්‍රාහකයා ලෙස රෝමය පාලනය කෙළේ ය.
ඔහු හා වෛර බැඳගත් සගයකු වූ මාකස් ජූනියස් බ්‍රෑටස් (ක්‍රි. පූ. 85-42) අතින් ක්‍රි. පූ. 44 මාර්තු 15 දින රෝමානු සෙනේට් සභාවේ දී ඝාතනයට ලක් වන තුරු ම සීසර් රෝමයේ අනභිභවනීය පාලකයා වූයේ ය.
ජුලියස් සීසර් රෝමයේ පමණක් නොව සමස්ත යුරෝපා ඉතිහාසයේ ම ගමන් මඟ විශාල වශයෙන් වෙනස් කෙළේ ය. රෝමය තුළ සමූහාණ්ඩුව අහෝසි කළ හේ තත්වාකාර අධිරාජ තනතුරක් නිර්මාණය කෙළේ ය. සීසර් ගේ මරණයෙන් වසර 14 කට පසු බලයට පත් ඔහු ගේ බෑණනුවන් වූ සීසර් ඔගස්ටස් විසින් එම අධිරාජ තනතුර නිල තත්වයකට පත් කරන ලද්දේ ය. සීසර් බලය හඹා ගෙන නැගී ආ අවදියේ රෝමය, මධ්‍යධරණී ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත් ව තිබුණි. ඔහු ගේ මරණය සිදු වන විට රෝමය යුරෝපයේ පමණක් නොව ඇතැම් විට මුළු ලෝකයේ ම ප්‍රථම සුපිරි බලය බවට පත් ව තිබුණේ ය.

Saturday, November 12, 2016
චීනය එක් සේසත් කළ ෂි හුවාන් ටී | (ක්‍රි. පූ. 259-210 )
19 වන ශතවර්ෂයට පෙර ලෝකයේ මිනිස් හස්තයකින් බිහි වූ ශ්‍රේෂ්ටතම ඉංජිනේරුමය ව්‍යාපෘතිය වූ චීන මහා ප්‍රාකාරය පිලිබඳ අදහස පහළ වී එහි වැඩ කටයුතු ආරම්භ කළ පුද්ගලයා ෂි හුවාන් ටී ය. ලෝකයේ වැඩි ම ජනගහනයක් සිටින චීනය පළමු වරට එක්සේසත් කළ නායකයා ද ඔහු විය. ඔහු චීන ඉතිහාසයේ ප්‍රථම අධිරාජයා වශයෙන් සැලකේ.
රෝම අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධියට පෙර හා පසු යුරෝපය පැවතියේ යම් සේ ද, චීනය ද දේශපාලන වශයෙන් බෙදුණු, එකිනෙකාට රැහැනි වූ යුද නායකයින් විසින් පාලනය කරනු ලැබූ වැඩවසම් නගර රාජ්‍ය රාශියකින් සම්පිණ්ඩනය වී තිබිණ. මෙම රාජ්‍යයන් එක්සත් වූ යේ චෞ වංශිකයන් ගේ සමයේ බිහි වූ පොදු සංස්කෘතිය හේතු කොටගෙන වූ අතර එහි සම්භවය සිදු වූයේ ක්‍රි. පූ. 770 ට පසු යැංසි ගං මිටියාවතේ ය. එමගින් චීනයේ සෙසු ප්‍රදේශ සියල්ලකට ම සංස්කෘතික නො එසේ නම් දේශපාලනික වශයෙන් බලපෑමක් සිදු විය.
මේ කාලය තුළදී කොන්ෆියුසියස් (කුං ෆු-ත්සු) ගේ උගැන්වීම් ද චීන සංස්කෘතිය වෙත දැවැන්ත බලපෑමක් එල්ල කෙළේ ය. මිලියන 5.2 ක ජනතාවක් විසින් තවමත් ආගමක් ලෙස අදහනු ලබන කොන්ෆියුසියස් ධර්මයෙන් අවධාරණය කැරුණේ ජාතික මට්ටමින් මෙන් ම පෞද්ගලික මට්ටමින් ද අවිරෝධී හා සාමකාමී සමාජ ක්‍රමයක් තිබිය යුතු බව ය. කෙ සේ වෙතත් ඔහු ගේ මරණින් පසු චීනය කැබලිවලට කැඩී ගොස් පසමිතුරු රාජ්‍ය සමයකට (403-221) අවතීර්ණ විය.
මෙම පසමිතුරු සමය ක්‍රි. පූ. 221-210 චින් රාජවංශය පැමිණීමත් සමග ම නිමාවට පත් වූ අතර එම කාල පරිච්ඡේදයේ දී ෂි හුවාන් ටී ප්‍රථම වරට චීනය එක්සේසත් කිරීමට සමත් විය. චීනයට මධ්‍යම ආණ්ඩුවක් හඳුන්වා දුන් ඔහු ජනසංගණනයක් ද පැවැත් වී ය. රටේ කාසි භාවිතය, ලිඛිත භාෂාව, නීතිය, හා කිරුම් මිණුම්, ප්‍රමිතිකරණය කෙළේ ය. එහෙත් ඔහුගේ දුර්වලතාවයක් වූයේ දයා විරහිත ඒකාධිපතියකු ලෙස ක්‍රියා කරමින් කොන්ෆියුසියානු ධර්මය චීනයෙන් අතු ගා දැමීමට උත්සාහ කිරීම යි. එතෙකුදු එය සාර්ථක වූයේ අර්ධ වශයෙනි.
සිය පාලනය වඩාත් ශක්තිමත් කිරීමේ හා මධ්‍යම ආසියාවේ මොන්ගෝලියානුවන්ගෙන් තම රට ආරක්‍ෂාකර ගැනීමේ අරමුණින් ඔහු චීන මහා ප්‍රාකාරය ගොඩනැංවීමට නියම කෙළේ ය. නිත්‍ය නේවාසික මුරකරුවන් රැඳවූ ස්ථිර මුර කුළුණු වලින් සමන්විත, සැතපුම් 1500 ක් දිගින් යුත් මේ මහා යෝධ ප්‍රාකාරය හේතුවෙන් එක්සත් චීනයට නො නැසී පැවතීමට හැකි වූයේ ය.
ෂී හුවාන්ගේ ඇවෑමෙන් චීනයේ බලයට පත් වූයේ හන් රාජවංශයයි. ඔවුහු ෂි ගේ මධ්‍යම ආණ්ඩු ක්‍රමය දිගට ම පවත්වාගෙන ගිය අතර කොන්ෆියුසියානු ධර්මය නැවත ස්ථාපිත කළ හ. හන් රාජවංශය විසින් චීනයේ මැන්ඩරියානු සමාජ හා දේශපාලන ක්‍රමය ස්ථාපනය කරන ලද අතර එය චීන සමාජයේ මූලික පදනම ලෙස ෂින් (මංචු) රාජවංශය (1644-1912) යටතේ පවා ක්‍රියාත්මක වෙමින් 1947 දී කොමියුනිස්ට්වාදීන් දේශපාලන බලය අල්ලා ගන්නා තුරු ම අඛණ්ඩ ව පැවතිණ.
Monday, October 10, 2016
ලීවරයකින් පෘථිවිය සෙලවූ ආකිමිඩීස් | (ක්‍රි. පූ. 287 - 212)
පුනරුදය සමයට පෙර ලොව වුසූ ශ්‍රේෂ්ටතම ගණිතඥයා ලෙස සැලකිය හැකි ආකිමිඩීස්, සිසිලි දූපතේ පිහිටි සයිරකියුස් යන ස්ථානයේ උපන්නේ ය. ඇලෙක්සැන්ඩ්‍රියා නගරය ශාස්ත්‍රෝද්ග්‍රහණයේ ජගත් මධ්‍යස්ථානයක් ලෙස පැවති ස්වර්ණමය යුගයේ දී ආකිමිඩීස් සැමෝස්හි කොනන් යටතේ ඇලෙක්සැන්ඩ්‍රියා විශ්ව විද්‍යාලයේ දී විද්‍යාව හැදෑරී ය. ගණිත විද්‍යාවේ මූලික තැනුම් ඒකකයන් වන වෘත්ත, කේතු, සිලින්ඩර, පරාවල, තල සහ ගෝලයන්හි ජ්‍යාමිතියට අදාළ මූලික ප්‍රමේයයයන් නිර්මාණය කිරීම සඳහා ඔහු පුරෝගාමී විය.
තාරකා විද්‍යාව හැදාරූ ආකිමිඩීස්, අහසේ ගෝලාකාර හා ත්‍රිමාණ සිතියමක් නිර්මාණය කෙළේ ය. එසේ ම මූලික යන්ත්‍රයන් වන ලීවරය, කප්පිය හා ඉස්කුරුප්පුව වැනි මූලික යන්ත්‍ර ගැන පෘථුල ලෙස ලියමින් හේ භෞතික විද්‍යා ක්‍ෂෙත්‍රයේ පුරෝගාමී කටයුතු රාශියකට මුල පිරුවේ ය. ලීවරය භාවිතා කිරීම පිලිබඳව ඔහු ගේ අධ්‍යයනය කෙතරම් සාර්ථක වුයේ ද යත් වරක් ඔහු පාරට්ටු කෙළේ “මට සිටගෙන සිටින්නට තැනක් දෙන්න, එවිට මම, (ලීවරයකින්) පෘථිවිය සොලවන්නම්” යනුවෙනි.
ආකිමිඩීස් ගේ යාන්ත්‍රික සොයාගැනීම් අතරින් වැදගත් ම උපකරණය වන්නේ ‘ආකිමිඩීස් ඉස්කුරුප්පුව’ යි. ඇළ දොළ ආදී ජල ප්‍රවාහයන්හි සිට ඉහළ මට්ටමක පිහිටි කෘෂිකාර්මික දිය අගල් වෙත ජලය පොම්ප කිරීම සඳහා සැකසූ භ්‍රමණය වන පොම්පයක් වශයෙන් මෙය නිර්මාණය කරන ලදි. නොගැඹුරු කෝණයකින් යුතුව ජලයේ ගිල් වූ මෙම ඉස්කුරුප්පුවේ ඕනෑ ම පොටක පහළ දාරය ඊට පහළින් තුබූ පොටෙහි ඉහළ දාරයට පහළින් පිහිටන සේ සකසා තිබිණ. ඉස්කුරුප්පුවේ දණ්ඩ, අක්ෂය වටා භ්‍රමණය වන විට ඉස්කුරුප්පු පොට ජලය තුළට ගමන් කොට සර්පිලාකාර ව ජලය ඉහළට රැගෙන විත් ඉස්කුරුප්පුව මුදුණින් මුදා හරින ලදි.
තරලයන්ගේ ගතිකය පිලිබඳ අධ්‍යයනයක් සේ සැලකෙන ද්‍රවස්තිථි විද්‍යාවේ ද (Hydrostatics) නිර්මාතෘ වූයේ ආකිමිඩීස් ය. වරක් ජල ඔරුවක ස්නානය කරමින් සිටිය දී හේ ‘විස්ථාපනය’ පිලිබඳ මූලධර්මය සොයා ගත්තේ ය. එමඟින් කියවෙන්නේ, ද්‍රවයක් තුළ බහාලන ලද ඝන වස්තුවක බර, එමගින් විස්ථාපනය වන ද්‍රවයේ බරට සමාන ප්‍රමාණයකින් අඩු වන බව යි.
ක්‍රි. පූ. 214 දී රෝමන්වරු සයිරකුස්වලට පහර දෙන විට ආකිමිඩීස් ඉතා ප්‍රයෝජනවත් යුද උපකරණ රාශියක් සැළසුම් කෙළේ ය. දිගු දුර විදිය හැකි කැටපෝල සහ හිරු එළිය උපයෝගී කරගෙන රෝම නැව් ගිනි තැබිය හැකි කණ්නාඩි ද ඔහු සැලසුම් කෙළේ ය. වසර දෙකකට පසු රෝමන්වරු නගරය ආක්‍රමණය කළ විට, ආකිමිඩීස් හට කිසිදු හිංසාවක් නොකොට රැක ගැනීමට නියෝග කරන ලදි. කෙසේ වුවත් දිනක් ආකිමිඩීස් වැල්ලේ කෝටු කැබැල්ලකින් අඳිමින් කිසියම් ගණිත ගැටලුවක් විසඳීමට උත්සාහ කරමින් සිටියදී, එයට බාධා කළ රෝමානු පාබල හේවායකුට බැණ වැදුණේ ය. ඉන් කිපුණ හේවායා විසින් මේ ශ්‍රේෂ්ට මිනිසා එතැන ම මරා දමන ලද බව සඳහන්වේ. මෙම සිදුවීම ගැන ඇසූ මාර්සෙලස් නම් රෝම ජනරාල් වරයා විසින් මේ ගණිතඥයාට ගෞරව පිණිස සොහොන් ගැබක් ඉදි කරන ලදි.

Friday, October 7, 2016
දිග්විජයෙන් ධර්ම විජයට පිළිපන් අශෝක (ධර්මාශෝක) | (ක්‍රි. පූ. ? - 232)
අර්ථ විවරණයන්ට අනුව කිසියම් නායකයකුට එසේ විය හැක්කේ, අප ‘නායකත්වය’ යනුවෙන් හඳුනාගනු ලබන බුද්ධියේ සහ බලයේ උත්කර්ෂවත් සංකලනයක් නිසා ය. මිනිස් ශිෂ්ටාචාරයේ මුල් අවදියේ දී නායකයන් සලකනු ලැබූයේ සර්වබලධාරී මෙන් ම යටත්වැසි ජනතාවගෙන් දුරස්ථ වූ කොට්ඨාශයක් වශයෙනි. ඔවුන් අතරින් බොහෝ දෙනකු දිව්‍යමය බලයක් ඇත්තවුන් සේ සලකනු ලැබූ අතර, දෙවියන් ලෙස සලකනු ලැබූ ඊජිප්තුවේ පාරාවෝ රජවරු මීට නිදසුන් වෙති. රජවරුන් ගේ බලය අසීමිත වූ අතර ඔවුන් රට පාලනය කරන ලද්දේ නියෝග හා තීන්දු ප්‍රකාශ මගිනි. රජු ගේ නියමය රටේ නීතිය විය. ඇතැම් රජවරු කරුණාවන්ත වූ අතර තවත් අය කෲර වූ හ. එහෙත් බොහෝ දෙනකු රට පාලනය කළේ අයෝමය හස්තයකිනි. එසේ නො කිරීම අවඥාවට ලක්වීමට හෝ ගරු බුහුමන් නොලැබීමට හේතු කාරක වෙතැයි සලකනු ලැබිණ. ඉතිහාසයේ ප්‍රථම වරට මෙම පිළිගැනීමට පටහැනි ව ක්‍රියා කළ පාලකයා අශෝක විය හැක.
ක්‍රි. පූ. 300 ට පමණ පෙර, වර්තමානයේ ඉන්දියාව ලෙස හඳුනාගනු ලබන ප්‍රදේශයේ මෞර්ය වංශිකයකු ව උපන් අශෝක රජු ක්‍රි. පූ. 273 සිට 232 දක්වා මගධ රාජ්‍යය පාලනය කෙළේ ය. පසුකාලීන ව ඔහු ගේ අධිරාජ්‍යය වර්තමාන ඉන්දියාව (දකුණු කොටස හැර) පකිස්ථානය, බංගලාදේශය, හා ඇෆ්ඝනිස්ථානයේ කොටසක් දක්වා පැතිරිණ. ක්‍රි. පූ. 261දී ඔහු ගේ හමුදාව රුධිරයෙන් නැහැවුණු යුද්ධයකින් කාලිංග දේශය විනාශ කළ අතර මෙහි දී මිනිස් ජීවිත 200,000 ක් පමණ අනතුරට පත් විය. මෙම දුක්ඛ දායක විනාශයෙන් කළකිරීමට පත් අශෝක අධිරාජයා එවන් විනාශයක් මැදින් ලත් ජයග්‍රහණයක කිසිදු වටිනාකමක් නොමැති බව වටහා ගත්තේ ය. අවසන බුදුදහම වැළඳ ගත් හෙතෙමේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස දිග්විජය අත් හළේ ය. සත්ව හා මිනිස් බිලි පූජාවන් තහනම් කළ හේ සිය හමුදාව ආරක්‍ෂක භූමිකාවකට පමණක් සීමාකොට පවත්වා ගත්තේ ය.
අශෝක හෘදය සාක්‍ෂියට එකඟ පුද්ගලයකු බවට පත් වූ අතර ඇතැම් විට ‘සත්‍යාවබෝධය’ ලත් ලෝකයේ ප්‍රථම මහේශ්වරයා ඔහු විය හැකි ය. පැවත ආ ක්‍රමය වෙනස් කළ ප්‍රථම පාලකයා ද ඇතැම් විට ඔහු විය හැක. දිග් විජය පදනම් වූ ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්තියක ප්‍රචණ්ඩ භාවයෙන් අත් මිදීමට අමතර ව හේ සිය දේශීය ප්‍රතිපත්තීන් ද ප්‍රතිසන්ධානගත කෙළේ ය. ඒ අනුව ඔහු රටේ පොදු සේවා ව්‍යාපෘතීන් ආරම්භ කළ අතර, සිය පාලනය යටතේ වූ ජනතාව ගේ සුභ සාධනය සඳහා කටයුතු කරන ආයතන ද පිහිටුවී ය.

Tuesday, October 4, 2016
ලෝකයේ විශාල ම අධිරාජ්‍යය ගොඩ නැංවූ මහා ඇලෙක්සැන්ඩර් | (ක්‍රි. පූ. 356-323 )
මහා ඇලෙක්සැන්ඩර්, මැසිඩෝනියාවේ 2 වන පිලිප් සහ එපිරස්හි නෙප්ටෝල්මස් ගේ දියණිය වූ ඔලිම්පියාස් යුවලට පුත් ව උපන්නේ ය. ශ්‍රේෂ්ට නායකයකු වූ පිලිප්, ක්‍රි. පූ. 336 දී ඝාතනයට ලක් වීමට පෙර මුළු ග්‍රීසිය ම ඔහුගේ අණසක යටතේ එක් සේසත් කෙළේ ය. ඇතැන්සයේ වුසූ තරුණ ඇලෙක්සැන්ඩර් සිය පියාණන් ගේ සෙවණේ පමණක් නොව සිය ගුරුවරයා වූ මහා දාර්ශනික ඇරිස්ටෝටල් ගේ ඇසුරේ ද හැදී වැඩුණේ ය. දෛවයෙන් ම ශ්‍රේෂ්ටයකු වීමට නියම වී සිටි ඇලෙක්සැන්ඩර් වයස අවුරුදු 20දී සිය පියා ගේ මරණින් පසු රජකමට පත් වූයේ ය. ඇලෙත්සැන්ඩර් ගේ පාලන කාලය වසර 13 කට සීමා වුවත් එම කාලය තුළ දී මෙතෙක් ලොව නොපැවති තරමේ විශාල අධිරාජ්‍යයක් ගොඩනැංවීමට ඔහු සමත් විය.
ශතවර්ෂයකට පෙර පර්සියානුවන්ට කළ නො හැකි ව තුබූ කාර්යයක් ඉටු කිරීමට ඇලෙක්සැන්ඩර්ට දෛවයෙන් නියම වී තිබිණි. ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා විහිදී ගිය, යුරෝපය සහ ආසියාව අතර පිහිටි සුවිසල් අධිරාජ්‍යයක් හේ ස්ථාපිත කෙළේ ය. ‘මහා ඇලෙක්සැන්ඩර්’ නමින් ඔහු හඳුන්වනුයේ එහෙයිනි.
ක්‍රි. පූ. 333 පැවති ඉසුස් සටනේ දී, පර්සියානු අධිරාජයා වූ 3වන ඩේරියස්, ඔහු විසින් පරාජය කරනු ලැබීමෙන් අනතුරු ව පර්සියන් අධිරාජ්‍යය කැබලිවලට කැඩී ගියේ ය. පිලිප්ගෙන් තමනට උරුම වූ අධිරාජ්‍යය හා සසඳන කල එමෙන් 50 ගුණයක භූමි ප්‍රමාණයකින් ද, 20 ගුණයක ජනගහණයකින් ද සමන්විත අධිරාජ්‍යයක් වයස 33 වන විට ඇලෙක්සැන්ඩර් පාලනය කළේ ය. ඔහු ගේ බල ප්‍රදේශයට ග්‍රීසිය, ඊජිප්තුව, පෙර පැවති පර්සියන් අධිරාජ්‍යය, සහ අද මැද පෙරදිග වශයෙන් හඳුන්වනු ලබන මුළු භූමි ප්‍රදේශය ම ඇතුළත් විය. ඔහු උතුරින් යුරෝපයේ ඩැනියුබ් ගඟ දක්වාද, නැගෙනහිරින් ඉන්දියාවේ ගංගා නම් ගඟ දක්වා ද, දුරක් ගමන් කෙළේ ය. ඔහු නයිල් නදියේ ප්‍රභව ස්ථානය සෙවීම සඳහා අප්‍රිකාවේ ඈත හිමයට ගවේශක කණ්ඩායමක් පවා පිටත් කර හැරියේ ය.
ක්‍රි. පූ. 323 දී මිය යන විට, මහා ඇලෙක්සැන්ඩර්, ලෝකය එතෙක් දැන සිටි ශ්‍රේෂ්ටතම සේනාධිනායකයා මෙන් ම අධිරාජ්‍ය-තනන්නා ලෙස සලකන ලදි. ඉන් ශත වර්ෂ 20ටත් අධික කාලයකින් පසු වර්තමානයේ දී වුව සලකන කල ඔහු ලත් ජයග්‍රහණයන්ට සමකළ හැකි තරගකරුවන් සිටින්නේ අතළොස්සක් පමණි.
ඇලෙක්සැන්ඩර් අතිදක්ෂ මෙන්ම ජනකාන්ත නායකයකු වනවාට අමතර ව ඔහු ගේ අධිරාජ්‍යයේ වැදගත් දෙයක් වූයේ මෙතෙක් එකිනෙකට වෙන් වෙන්ව පැවති ප්‍රදේශවල පැවති එකිනෙකට වෙනස් වූ සංස්කෘතීන් අතර පළමුවරට නිදහසේ අදහස් හුවමාරුවක් ඇතිකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම යි. වෙනත් බොහෝ ජයග්‍රාහී නායකයින් මෙන් නොව මහා ඇලෙක්සැන්ඩර් තමාට යටත් වූ ප්‍රදේශවල ජනතාව ගේ අදහස් පිලිගැනීමට කැමති වූවා පමණක් නොව පර්සියානු දේශපාලන සංවිධානවලින් උගත් දේ ක්‍රියාවට ද නැංවූයේ ය. අනෙක් අතින් ගත් කල ඉන්දියාවේ කලාවට ග්‍රීක කලාව බල පෑවේ ය. වයස 33 දී සිදු වූ අකල් මරණයට පෙර ඇලෙක්සැන්ඩර් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය ද ගොඩ නැංවී ය. එහි ස්ථාපනය කළ මහා පුස්තකාලය වසර දහසක් පමණ පුරා පැවතුණ අතර එය ලෝකයේ ශ්‍රේෂ්ටතම අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් විකාශනය වූයේ ය.

Saturday, August 27, 2016
මනුෂ්‍යත්වය හා ස්වභාව ධර්මය අතර සහසම්බන්ධය ගවේශණය කළ ඇරිස්ටෝටල් | (ක්‍රි. පූ. 384-322)
ප්ලේටෝ ගේ ශිෂ්‍යයකු වූ ද, මහා ඇලෙක්සැන්ඩර් ගේ ගුරුවරයා වූ ද, ඇරිස්ටෝටල් ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ටතම දාර්ශනිකයන්ගෙන් කෙනෙකි. මනුෂ්‍යත්වය හා ස්වභාව ධර්මයේ සෑම අංශයක් ම අතර පවත්නා සහසම්බන්ධතාවය පිලිබඳව පළමුවරට පෘථුල ලෙස ගවේශණය කළේ ඇරිස්ටෝටල් විසිනි. ඔහු කාව්‍ය ශාස්ත්‍රය, තාරකා විද්‍යාව හා ජීව විද්‍යාව මෙන් ම අධ්‍යාත්මික විද්‍යාව, සෞන්දර්ය හා තර්ක ශාස්ත්‍රය පිළිබඳව හදාරා ඒ සම්බන්ධයෙන් දේශන පැවැත්වූයේ ය.
මැසිඩෝනියානු වෙරළ තීරයේ පිහිටි, ග්‍රීසියට අයත් ප්‍රත්‍යන්ත නගරයක් වූ ස්ටැගිරා හි උපත ලත් ඇරිස්ටෝටල් වයස 17 දී ප්ලේටෝ ගේ ශිෂ්‍යයකු බවට පත් විය. පළමු ව ශිෂ්‍යයකු වශයෙන් ද, පසුව ගුරුවරයකු වශයෙන් ද වසර 20 ක කාලයක් ඇතැන්ස්හි පිහිටි ප්ලේටෝ ගේ ශාස්ත්‍රාලයේ ගත කළ හේ ඇලෙක්සැන්ඩර්ට උගැන්වීම සිදු කළේ මේ කාලය තුළ දී ය. ප්ලේටෝ ගේ අභාවයෙන් පසු ව ඇරිස්ටෝටල් එම ශාස්ත්‍රාලය හැර ගියත්, ක්‍රි. පූ. 336 දී මහා ඇලෙක්සැන්ඩර් බලයට පත් වූ පසු නැවත ඇතන්සයට පැමිණියේ ය. මහා ඇලෙක්සැන්ඩර් ගේ අනුග්‍රහය යටතේ ‘ලයිසියම්’ නමින් තමා ගේ ම ශාස්ත්‍රාලයක් පිහිට වූ ඇරිස්ටෝටල්, ක්‍රි. පූ. 336 තෙක් එහි ප්‍රධානත්වය දැරුවේ ය.
මෙම යුගය තුළ විකාශනය වූ ඇරිස්ටෝටල් ගේ දර්ශනයේ ප්‍රධාන ස්ථානයක් ගත්තේ තර්ක ශාස්ත්‍රය පිලිබඳව ඔහු ඉදිරිපත් කළ මූලික මූලධර්ම 6 යි. එ සේ ම ඒවා අධ්‍යාත්ම විද්‍යාව, භෞතික විද්‍යාව, ආචාර ධර්ම විද්‍යාව, දේශපාලන හා ස්වභාවික විද්‍යාවන් ගේ ද මූලික ධර්මයන් විය. ස්වභාවික විද්‍යා ක්ෂේත්‍රයේ දී ජීව විද්‍යාත්මක ආදර්ශයන් එකතු කිරීම හා ඒවා ක්‍රමාණුකූලව වර්ගීකරණය කළ පළමු පුද්ගලයන් අතුරින් ඇරිස්ටෝටල් එක් අයකු විය. ස්වභාව ධර්මය පාලනය කිරීමට දායක වූ සමතුලිත තාවයන් නොහොත් ස්වභාවික ‘නීති’ හඳුනා ගැනීම හා ඒවා ප්‍රවේශමෙන් විශ්ලේෂණය කිරීම සඳහා ඔහු තුළ පැවති රුචිය මින් පැහැදිලි වේ. පරිපූර්ණ ස්වරූපයන් පිලිබඳ ප්ලේටෝ විසින් උපකල්පනය කරන ලද අතර ඇරිස්ටෝටල් විසින් එය තවදුරටත් සෛද්ධාන්තකරණය කරන ලද්දේ පදාර්ථය යනු පවතින්නක් බැවින් එය ස්වරූපයක් නොමැතිව නොතිබිය හැක්කක් ලෙසය.
ඔහු යෝජනා කළ පරිදි, සියල්ලෙහි පරිසමාත්ම, පිවිතුරු හා පරම ස්වභාවය වන්නේ පරම වික්ඤාණය (Theos) නමින් ඔහු විසින් හැඳින්වූ සහ දෙවියන් ලෙස අප විසින් හඳුනා ගන්නා ප්‍රපංචය යි.
දේශපාලනයේදී ඔහු විසින් හොඳම පාලන ක්‍රමය ලෙස අනුමත කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා රාජාණ්ඩුවේ සංකලනයකි.
ඇරිස්ටෝටල් දර්ශනය හා විද්‍යාව මෙන් ම වෛද්‍ය විද්‍යාව ද හැදෑරී ය. අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ විකාශය කෙරහි ඔහු ගේ වූ ප්‍රධාන බලපෑම වූයේ, මිනිස් සබඳතා සහ ඒ වටා බැඳුණ ලෝකයේ අනෙකුත් ප්‍රපංචයන් සමග අධ්‍යයනය කිරීම සඳහා ක්‍රමානුකූල ක්‍රමයක් ඉදිරිපත් කිරීම ය.
ඇරිස්ටෝටල් ගේ සංකල්පයන් 13 වන ශත වර්ෂයේ දී ශාන්ත තෝමස් ඇක්වයිනාස් විසින් ක්‍රිස්තියානි දේවධර්මය හා සංකලනය කරන ලද අතර 1135-1204 දී මෙයිමොනයිසිස් විසින් යුදෙව් දේව වාදය සමග ද, 1126-1198 දී ඇවරෝස් විසින් ඉස්ලාම් ආගම සමග ද සංකලනය කරන ලදි.

ලයිසියම් ශාස්ත්‍රාලය |
Subscribe to:
Posts (Atom)