පුද්ගලයන් රාශියක් විසින් ලෝක ඉතිහාසය හැඩ ගැස් වූ බව පවසන්නේ නම් එය නිර්මාණය කරන ලද්දේ එක් පුද්ගලයකු විසිනැයි කිව හැකිය. ඉතිහාසය හා එහි මූලික සන්ධිස්ථානයන් වාර්තා ගත කිරීමට හා අගැයීමට නූතන බටහිර ලෝකය විසින් භාවිතා කරන ක්‍රමවේදය වර්ධනය කළේ හිරොඩොටස් ය. චූල ආසියාවේ හැලිකානාසස් හි උපන් හිරොඩොටස් එවක සිටි දුෂ්ට පාලකයකු වූ ලිග්ඩාමිස්ට විරුද්ධ ව කළ විප්ලවයේ දී ප්‍රධාන භූමිකාවක් දැරූ අතර පසු ව ඇතන්ස් වෙත සංක්‍රමණය වූයේ ය. ඔහු තත්කාලීන ඉතිහාසය - විශේෂයෙන්ම ග්‍රීසිය හා පර්සියාව අතර පැවති යුද්ධ පිලිබඳ ව - හා ඊට පෙරකාලීන සිදු වීම් පිලිබඳ ව ක්‍රමානුකූල ව වාර්තාගත කිරීම ආරම්භ කළේ මෙහි දී ය. කාලීන සිදුවීම් පිලිබඳ ව මීට පෙර ද යම් යම් පුද්ගලයන් විසින් වාර්තා කොට ඇතත් ක්‍රමික ව හා විෂය මූලික ව ඓතිහාසික සිදුවීම් වල පැවති අන්තර් සම්බන්ධතාවය අධ්‍යයනය කිරීමට තැත් කළ පළමුවැන්නා ලෙස හිරොඩොටස් සැලකේ. ඉතිහාසයේ පියා වශයෙන් සැලකෙන හිරොඩොටස් ඊජිප්තුව හා මධ්‍යධරණී කලාපය පුරා සංචාරය කළ අතර එහි දී ස්වකීය මෙන් ම විජාතික සංස්කෘතීන් ද හදාරමින් හැකි උපරිම විශ්වසනීයත්වයෙන් යුතු ව තොරතුරු වාර්තාගත කළේ ය. ඉතිහාසය සිද්ධාන්තකරණයේ දී ඔහු එ වකට ග්‍රීසියේ පැවති සාම්ප්‍රදායික “ස්වර්ණමය මධ්‍යම ප්‍රතිපදාව” යන සංකල්පය භාවිතා කළේ ය. මින් සංකේතවත් වූයේ මධ්‍යස්ථ හා සමබරතාවයේ ඇති යෝග්‍ය භාවය හා පක්‍ෂග්‍රාහී හා අසමබරතාවයේ ඇති විනාශකාරී බව යි. මෙම සිද්ධාන්තයට අනුව ප්‍රකෝපකාරී සර්ක්සෙස් ගේ දෛවොපගත විනාශකාරී පරාජය නොවැළැක්විය හැක්කක් විය.
සිය ජීවිතයේ සැඳෑ සමයේ දී හිරොඩොටස් ඉතාලියේ තූරි යන ග්‍රීක ජනාවාසය බිහි කිරීමට දායක වූ අතර ඔහු මිය ගියේ ද එහි දී බව අනුමාන කැරේ.
ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men
Wednesday, July 1, 2015
Wednesday, April 15, 2015
පෙරික්ලීස් | ග්‍රීසිය (ක්‍රි. පූ. 429)
![]() |
| පෙරික්ලීස් |
පෙරික්ලීස් පුරාතනයේ සිටි ශ්‍රේෂ්ටතම ව්‍යවස්ථාපිත රාජ්‍ය තාන්ත්‍රිකයා වශයෙන් සැලකෙන අතර ඔහු ලබා ගත් ජයග්‍රහණ මාලාව සිත් අලවන සුලු ය. ඔහු ඇතන්ස් හි බල සේනා ලෝකයේ බලවත් ම හමුදාවන්ගෙන් එකක් බවට පත් කළ අතර ඩෙල්පි ආක්‍රමණය, ඉයුබා සහ සමෝස් හි කැරළි මර්දනය ඇතුළු සටන් රාශියකට නායකත්වය දුන්නේ ය. ඔහු පාර්තිනෝන් ඇතුලු විශිෂ්ට ගොඩනැගිලි නිර්මාණ රාශියකින් ඇතන්ස් නගරය විභූතිමත් කළේ ය. ඕනෑ ම අයකුට රජයේ තනතුරක් දැරිය හැකි පරිදි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ස්ථාපනය කරන ලද අතර පරිපාලන නිලධාරීන්ට වැටුප් ක්‍රමයක් ද දිලිඳුන් සඳහා සහන දීමනාවක් ද ලබා දෙන ලදි.
පෙරික්ලීස් ගේ ප්‍රියාව වූ මිලටස් හි ඇස්පේසියා (ක්‍රි. පූ. 470-410) සිය රූප සෞන්දර්ය මෙන් ම තීක්‍ෂණ දේශපාලන ඥානය නිසා ප්‍රසිද්ධ වූවා ය. ඇය ශ්‍රේෂ්ට දර්ශනවාදියකු වූ සොක්‍රටීස් (ක්‍රි. පූ. 469-399) ගේ අනුග්‍රාහිකාවක් වූ අතර පෙරික්ලීස් ගේ පාලනයේ දී අගනා සහකාරියක් වූවා ය. පෙරික්ලීස් ඇය ගෙන් ලත් සුළු පටු නො වූ බලපෑමට පින් සිදුවන්නට ඇතන්ස් එහි ස්වර්ණමය යුගයට එළැඹුණ අතර නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය බවට පත් විය.
ඇතන්ස්හි මෙම පිබිදීමට තවත් හේතුවක් වූයේ සිය එදිරිවාදී නගර රාජ්‍යයක් වූ ස්පාටා ප්‍රධාන කොට ගත් පෙලොපොනේසියන් රාජ්‍ය සන්ධානය සමග ක්‍රි. පූ. 445 දී ඔවුන් ඇති කර ගත් සාම ගිවිසුම යි. කෙ සේ වුවත් ක්‍රි. පූ. 431 දී ස්පාටාව විසින් මෙම ගිවිසුම කඩ කරමින් ආරම්භ කළ ගැටුම දශක තුනක් ඔස්සේ විහිදුණු පොලෙපනේසියන් යුද්ධය බවට පත් විය. අනතුරු ව ඇතන්ස් රාජ්‍යයට පෙරික්ලීස් යටතේ පැවති එම ශ්‍රී විභූතිය යළි කිසි දිනෙක අත් කැර ගත නො හැකි විය.
![]() |
| ඇස්පෙසියා |
Saturday, April 4, 2015
සර්ක්සෙස් I | පර්සියාව (ක්‍රි. පූ. 519 - 465)
![]() |
| සර්ක්සෙස් I |
ඊට දස වසකට පසු එ නම් ක්‍රි. පූ. 480 දී ඩේරියස් ගේ වැඩි මහල් පුත් සර්ක්සෙස් I, වඩා විශාල හමුදාවක් සංවිධානය කොට නාවික හමුදා ඒකකයන් ද සහාය කරගෙන මිලියන 2.5 ක බල සේනා සහිත ව ග්‍රීසිය බලා ගමන් කළේ ය. ඔහු ස්පාටා හි රජු වන ලෙනිඩාස්, තර්මොපයිලෙ යන ස්ථානයේ දී සම්පුර්ණයෙන් යටත් කර ගෙන ග්‍රීක හද බිම බලා පිටත් විය. එහෙත් ක්‍රි. පූ. 480 සැප්තැම්බර් 23 වන දා උපායශීලී ව පර්සියන් හමුදා සලාමිස් නම් දූපත අසළ පටු සමුද්‍ර සන්ධියකට කොටු කරගත් ග්‍රීකයෝ ඔවුන් පරදවා විනාශ කර දැමූ හ. ශීත සෘතුව තුළ නැවතත් හමුදාව රැස් කළ සර්ක්සෙස් ආපසු පැමිණ ප්ලාටේ මිටියාවතේ දී ග්‍රීකයන් හා සටන් වැදුණේ ය. මැරතන් හා සලාමිස් හිදී සිදු වූවාක් මෙන් නැවත වරක් සංඛ්‍යාවෙන් අඩු වුවත් ග්‍රීක හමුදාව විසින් විශාල හා බල සම්පන්න පර්සියන් හමුදාව පරාජය කරන ලදි. සර්ක්සෙස් ක්‍රි. පූ. 465 දී මරා දමන ලද අතර ඔහු ගේ පුත් ආටසර්ක්සෙස් ඉන් පසු ව රාජ්‍යයට පත් වුවත් ඔහු ගේ පියා ගේ රාජ්‍ය සමයේ පැවති ශ්‍රී විභූතිය ළඟා කර ගැනීමට ඔහුට නොහැකි විය.
සර්ක්සෙස් ප්ලාටේ වල දී ලබා ගත් පරාජය, පර්සියානු අධිරාජ්‍යයේ බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කෙළේ ය. තව දුරටත් ව්‍යාප්ත නො වූ එය අභ්‍යන්තර වශයෙන් බිඳ වැටීමට පටන් ගත් අතර ඊ ළඟ ශත වර්ෂය වන විට මහා ඇලෙක්සැන්ඩර් ප්‍රමුඛ ග්‍රීක හමුදාවට පහසුවෙන් යටත් කර ගත හැකි බවට පත් ව තිබුණේ ය.
එවකට කිසිවකු විසින් අනුමාන නො කළ ද, ප්ලාටේහි සටනින් උච්ච අවස්ථාවට පත් එම සංග්‍රාම ව්‍යාපාරය ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධි ස්ථානයක් විය. යම් හෙයකින් සර්ක්සෙස් ජයග්‍රහණය කෙළේ නම්, ග්‍රීසිය පර්සියානු බලපෑමට ලක් විය හැකි ව තිබූ අතර නූතන බටහිර චින්තනයේ මූලික පදනම බවට ග්‍රීක නොව පර්සියන් සාහිත්‍යය පත් විය හැකි ව තිබුණි.
Sunday, October 6, 2013
පෙරදිග විශිෂ්ට දර්ශනයක් බිහි කළ කොන්ෆියුසියස් | චීනය (ක්‍රි. පූ. 551 – 479)
![]() |
| කුන් ෆු-ත්සු (කොන්ෆියුසියස්) තුමා |
චීනයේ ශ්‍රේෂ්ටතම දාර්ශනිකයා වශයෙන් අද සලකනු ලබන කුන් ෆු-ත්සු (කොන්ෆියුසියස්)
තුමා උපත ලද්දේ වර්තමානයේ ෂැන්ටුන් නමින් හඳුන්වනු ලබන පළාතේ ය. තරුණ අවදියේ දී ඉතිහාසය සහ පුරාවිද්‍යාව
හැදාරූ ඔහු වරක් එවකට හොනාන් පළාතේ රාජ්‍ය ලේඛනාරක්ෂක නිලධාරි වශයෙන් කටයුතු කළ
ලාඕ ත්සු හමුවීමට ද ගිය බව කියවේ. ලාඕ-ත්සු හා තාඕ වාදයෙන් ආභාසය ලැබුව ද, ඔහු ඉන් බැහැර ව ගොස් වෙනත් විකල්ප මාර්ගයක්
අනුගමනය කිරීමට තීරණය කෙළේ ය. එහි ඉලක්කය වූයේ ශිෂ්ට සම්පන්න හා විද්වත් සත්පුරුෂයකු
බිහි කිරීම යි. දාර්ශනිකව ගත් කල
එතුමා හින්දුන් හෝ තාඕ වාදීන් තරම් නැවත ඉපදීම ගැන සැලකිල්ලක් නො දැක්වී ය. එ තුමා ගේ මූලික අවධානය යොමු වූයේ පවුල තුළ
හෝ සමාජය තුළ වෙසෙන තනි පුද්ගලයන් අතර සමගි සම්පන්න සහ-සම්බන්ධතාවයන් පවත්වා ගැනීම
කෙරෙහි ය.
රාජසභාවේ දාර්ශනිකයා වශයෙන් කටයුතු කළ කොන්ෆියුසියස්, චීනයේ පාලකයන්ට අවවාද අනුශාසනා කළේ ‘අභ්‍යන්තර සද්භාවයෙන් නායකත්වය සැපයීම’ තුළින් තම යටත් වැසියන් ගේ ගෞරවය දිනා
ගැනීමට හා ආදර්ශවත් වීම හා එම ආදර්ශ පිලිපැදීම තුළින්ම තමන් හසුරුවා ගන්නට
රටවැසියන්ට ඉඩ සැලසීම යි. එ තුමා පාලකයන් සුළඟට සමාන කළේ ය. පිටියක තිබෙන තණකොළ මතට සුළඟින් යෙදැවෙන
බලපෑම මෙන් පාලකයන් ද තම යටත් වැසියන් වෙත මෘදු ලෙස බලපෑම් ඇති කළ යුතු බව ඔහු ගේ
අදහස විය.
![]() |
| කොන්ෆියුසියස් කෘති |
ඉතිහාස ලේඛකයකු වශයෙන් හෙතෙම කාව්‍ය, කථාන්තර හා පුරා වෘත්ත එකතු කර පොත් පෙළක්
වශයෙන් සකස් කළ අතර ඒවා අදත් චීන සාහිත්‍යයේ සම්භාවනීය කෘතීන් ලෙස සැළකේ. ඒවා අතර, Book of Odes, The Book of Tradition, The Book of Rites සහ The Book of Changes (I Ching) වේ.
එ තුමා ගේ අභාවයෙන් පසු ඔහු ගේ කෘතීන් විශාල
වශයෙන් කියවීමට බඳුන් වූ අතර එ මගින් ලද ආභාසය ද අති විශාල ය. අවසානයේ යුරෝපයට ද පැතිර ගිය එම කෘතීන් ඔහු
ගේ ලතින් කරණයට ලක් වූ නම වන කොන්ෆියුසියස් නමින් ප්‍රකාශයට පත් කැරිණ.
![]() |
| I Ching |
ආගමක් වශයෙන් කොන්ෆියුසියස් වාදය අද දශ ලක්‍ෂ 5 ක් පමණ ජනතාව විසින් අදහනු ලබන අතර ඉන්
බොහොමයක් ආසියානුවෝ වෙති. ආගමකට වඩා ආචාර ධර්ම පද්ධතියක් ලෙස සැළකිය හැකි වුව ද
ලෝකයේ මෙම ඇදහීම පිලි ගනු ලබන බැතිමතුන් සංඛ්‍යාව සලකන කළ ඊට හිමි වන්නේ 6 වන ස්ථානය යි. කොන්ෆියුසියානු වාදයේ ප්‍රධාන ප්‍රතිපත්තීන් අතර, ත්‍යාගශීලී බව, ආචාරශීලීත්වය හා ප්‍රඥාව මුල් කොට ගත් විශ්ව
සදාචාර ධර්මයන් ද, දෙගුරුන් පිදීම, විශ්වාසවන්ත භාවය, අවංකකම, යහ වාසය, සෞභාග්‍යය, ගෞරවය, දැහැමි බව හා ලජ්ජාව යන 8 වැදෑරුම් පුරුෂාර්ථයන් ද වෙති.
Wednesday, February 22, 2012
පර්සියානු අධිරාජ්‍යය නිර්මාණය කළ මහා සයිරස් | Cyrus the Great | පර්සියාව (ක්‍රි. පූ. 558-528)
![]() |
| මහා සයිරස් |
මහා සයිරස් විසින් නිර්මාණය කරන ලද පර්සියානු අධිරාජ්‍යය, ඉතිහාසය පුරා බිහි වූ ආදීතම ශ්‍රේෂ්ට අධිරාජ්‍යයන් අතරට ගැනෙන අතර, එය නිරිතදිග ආසියාවේ හා නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශයේ ඇති වූ වැදගත් ම අධිරාජ්‍යයන්ගෙන් එකකි. ඔහු පර්සියානු රදළ වංශිකයකු වන කැම්බිසස් ගේ සහ මීඩියා හි රජ වූ ඇස්ට්යේජස් ගේ දියණිය වූ මැන්ඩේන් කුමරිය ගේ පුත්‍රයා විය. ජනප්‍රවාදයට අනුව ඇස්ට්යේජස් රජු සිය මුනුපුරා මුළු ආසියාවේ ම පාලකයා වන බවට සිහිනෙන් දුටුවේ ය. එ බැවින් සයිරස් කුඩා කාලයේ ම මරා දැමීමට ඔහු තැත් කළේ ය. එහෙත් ඉන් ගැලවුණු සයිරස් තරුණ වයසට පැමිණ සිය මුත්තණුවන් හා සටන් කොට පරදවා ලූයේ ඔහු දුටු සිහිනය සැබෑ කරමිනි. ලිඩියන් අධිරාජ්‍යය යටත් කළ සයිරස් බැබිලෝනියාව ජය ගත්තේය. චූල ආසියාවේ වූ ග්‍රීක නගර සියල්ල අල්ලා ගත්තේ ය. බයිබලයේ සඳහන්කර ඇති අන්දමට (II Chronicles 36:22-23 හා Ezra1:1-4) ඔහු පර්සියාවේ සිර කර ගෙන සිටි හීබ්‍රෑ ජනතාව නිදහස් කෙළේ ය.
![]() |
| "සයිරස්ගේ හිස ටොමිරිස් රැජින වෙත ගෙන ඒම" සිතුවම |
සයිරස් ගේ ජයග්‍රණයන් තුළින් පර්සියාවේ පැවති සරු සාර සංස්කෘතිය එ කල සංවර්ධිත ව පැවති රටවල් බොහොමයකට පැතිර ගියේ ය. සිතියන් මාස්ගෙටේට එරෙහි ව මෙහෙය වූ අවසාන සටනේ දී සයිරස් ගේ හමුදාවන් පරාජයට පත් වූ අතර එහි දී ඔහු මැරුම් කෑවේ ය. සයිරස් ගේ අවසාන පරාජය සුප්‍රකට බරොක් සිත්තරකු වූ පීටර් පෝල් රියුබන් (1577-1640) විසින් සයිරස්ගේ හිස ටොමිරිස් රැජින වෙත ගෙන ඒම යන සිතුවමින් අමරණීයත්වයට පත් කළේ ය.
![]() |
| සයිරස්ගේ සොහොන් කොත |
Tuesday, February 21, 2012
සංසාර චක්‍රය බිඳ හෙලීමේ මග සොයා ගත් ගෞතම බුදුන් වහන්සේ | ඉන්දියාව (ක්‍රි. පූ. 563 - 483)
ලෝකයේ විශාල ශ්‍රාවකයන් රැසක් සිටින ඉතා සංවිධානය වූ ආගම් අතුරින් යුදෙව් සහ හින්දු ආගම් දෙකෙහි මූලයන් බොහෝ ඈත අතීතයට දිවෙන අතර ඒවායේ ශාස්තෘවරුන් පිලිබඳව නිශ්චිතව දැනගන්නට නැත. අනෙක් ආගම් තුන එනම් බුද්ධාගම, ක්‍රිස්තියානිය, සහ ඉස්ලාම් ආගම නිර්මාණය කරන ලද්දේ ඓතිහාසික යුගයන්හි විසූ නිශ්චිත ශාස්තෘවරුන් විසිනි. බුදුදහමෙහි නිර්මාතෘවරයාණන් වූ සිද්ධාර්ථ ගෞතමයෝ උතුරු ඉන්දියාවේ කපිලවස්තු නගරයේ ක්ෂත්‍රිය හෙවත් රණකාමී වංශයට අයත් ධනවත් රජෙක් වූ ශුද්ධෝදන රජතුමාට පුත්ව උපන් හ. සිද්ධාර්ථ කුමරු කුඩා අවදියේ පටන් ම දර්ශනවාදය සහ හින්දු ආගමේ මූලික කරුණු ඇතුළත් වේද සාහිත්‍ය කෙරෙහි උනන්දුවක් දැක් වූ හ. මූලික වශයෙන් උන්වහන්සේ පැවැත්මේ දුක්ඛිත භාවය පිලිබඳව සැලකිල්ලක් දැක් වූ හ. කෙසේ වුවත්, පසුකාලීන ව උන්වහන්සේ තුළ හින්දු ආගම කෙරෙහි තිබුණු උනන්දුව නැතිවී ගියේ ය. තමා අවට පැවති වේදනා සමුදාය කෙරෙහි කළ කිරුණ හ.
අවසානයේදී උන් වහන්සේ ලෞකික වේදනාවන්ගෙන් ශරීරය නොව ආධ්‍යාත්මය ගලවා ගැනීම සඳහා විකල්ප දර්ශනයක් සොයා ගැනීමට තීරණය කළ හ. වයස 29 වන විට එතුමන්ට අභිනිෂ්ක්‍රමණය කිරීමට සිත් පහළ වී සිය බිරිඳ දරුවා සහ අන් සියලු ලෞකික සැප හැරදා රජ මාලිගයෙන් පිට වී සත්‍ය ගවේශණය සඳහා නික්ම ගිය හ. ශාස්තෲවරයින් රාශියක් වෙත ගොස් ඔවුන් ගේ දර්ශනයන් අධ්‍යයනය කළ උන්වහන්සේ ශරීරයට දුක් දෙමින්, උපවාස කරමින් භාවනා කරමින් වසර ගණනාවක් ගත කළ හ. එ තුමන් ගේ අරමුණ වූයේ සියලු ලෞකික ආශාවන් නැති කර සම්පූර්ණ චිත්ත පාලනයක් ඇතිකර ගැනීම ය.
අවසානයේ තමා සොයමින් සිටි සත්‍ය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ සමත් වූයේ ක්‍රි. පූ. 528 වෙසක් දින රාත්‍රියේ බෝ රුකක් යට දී සියලු අවබෝධය ඇති ව බුද්ධත්වයට පත් වීමෙනි. එම මොහොතේ දී සැනෙකින් උන්වහන්සේ දුක නැති කරන මාර්ගය අවබෝධ කරගත් හ. හින්දු ආගමේ මූලික ධර්මය වූයේ පුනරුත්පත්තිය යි. ඒ අනුව ජීවත් වන සෑම ප්‍රාණියකු ම මරණයෙන් පසු වෙනත් ප්‍රාණියකු වශයෙන් උපත ලබ යි. මෙම චක්‍රය සදාකාලික ව, අඛණ්ඩ ව ක්‍රියාත්මක වෙයි. සත්වයකු ගේ ආත්මය කුඩා කෘමියකු ගේ සිට විශාල සිවුපාවකු හෝ මනුෂ්‍යයකු දක්වා කෙමෙන් පරිණාමය වෙයි. යම් මනුෂ්‍යයෙක් ජීවිත කාලය තුළ පව් කර ඇත් නම්, ඔහු නැවත උපදින්නේ පහත් ආත්ම භාවයක් ඇති ව ය. එ සේ පව් කර නොමැති නම්, වෙනත් පුද්ගලයකු වශයෙන් උපත ලබයි. මෙම පුනර්ජන්ම චක්‍රය අනන්ත ව ක්‍රියාත්මක වෙයි. එහෙත් බුදුන්වහන්සේ මෙම අඛණ්ඩ චක්‍රය බිඳ හෙලීමේ මාර්ගය සොයා ගත් හ. භාවනාවේ හා කැප වීමේ ධර්‍ම මාර්ගය තුළින් නැවත ඉපදීමක් නොමැති පරිපූර්ණ ‘නිර්වාණ’ තත්වයට පත්වීමට හැකි විය. මෙය ස්වර්ගය පිලිබඳ යුදෙව් - ක්‍රිස්තියානි සංකල්පයට වඩා වෙනස් විය.
බුද්ධත්වයෙන් පසු සිද්ධාර්ථ යන නම වෙනුවට සියලු දේ අවබෝධ කැර ගත් යන අදහස ඇති බුද්ධ යන නමින් හැඳින් වූ උන් වහන්සේ තම දර්ශනය ලෝ වැස්සන් අතරට රැගෙන ගිය හ. උන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශ්‍රාවකයින් විසින් මුළු ආසියාව පුරා ම බුදුදහම ව්‍යාප්ත කරන ලදි. චීනය, ජපානය, බටහිර ආසියාව හා ඉන්දියාවේ විශාල සංඛ්‍යාවක් බුදුදහම වැළඳ ගත් හ. අද ලෝකයේ බෞද්ධයන් මිලියන 300 ක් පමණ වෙසෙන අතර ඉන් සියයට 99.5ක් ම සිටින්නේ ආසියාවේ ය.
අවසානයේදී උන් වහන්සේ ලෞකික වේදනාවන්ගෙන් ශරීරය නොව ආධ්‍යාත්මය ගලවා ගැනීම සඳහා විකල්ප දර්ශනයක් සොයා ගැනීමට තීරණය කළ හ. වයස 29 වන විට එතුමන්ට අභිනිෂ්ක්‍රමණය කිරීමට සිත් පහළ වී සිය බිරිඳ දරුවා සහ අන් සියලු ලෞකික සැප හැරදා රජ මාලිගයෙන් පිට වී සත්‍ය ගවේශණය සඳහා නික්ම ගිය හ. ශාස්තෲවරයින් රාශියක් වෙත ගොස් ඔවුන් ගේ දර්ශනයන් අධ්‍යයනය කළ උන්වහන්සේ ශරීරයට දුක් දෙමින්, උපවාස කරමින් භාවනා කරමින් වසර ගණනාවක් ගත කළ හ. එ තුමන් ගේ අරමුණ වූයේ සියලු ලෞකික ආශාවන් නැති කර සම්පූර්ණ චිත්ත පාලනයක් ඇතිකර ගැනීම ය. අවසානයේ තමා සොයමින් සිටි සත්‍ය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ සමත් වූයේ ක්‍රි. පූ. 528 වෙසක් දින රාත්‍රියේ බෝ රුකක් යට දී සියලු අවබෝධය ඇති ව බුද්ධත්වයට පත් වීමෙනි. එම මොහොතේ දී සැනෙකින් උන්වහන්සේ දුක නැති කරන මාර්ගය අවබෝධ කරගත් හ. හින්දු ආගමේ මූලික ධර්මය වූයේ පුනරුත්පත්තිය යි. ඒ අනුව ජීවත් වන සෑම ප්‍රාණියකු ම මරණයෙන් පසු වෙනත් ප්‍රාණියකු වශයෙන් උපත ලබ යි. මෙම චක්‍රය සදාකාලික ව, අඛණ්ඩ ව ක්‍රියාත්මක වෙයි. සත්වයකු ගේ ආත්මය කුඩා කෘමියකු ගේ සිට විශාල සිවුපාවකු හෝ මනුෂ්‍යයකු දක්වා කෙමෙන් පරිණාමය වෙයි. යම් මනුෂ්‍යයෙක් ජීවිත කාලය තුළ පව් කර ඇත් නම්, ඔහු නැවත උපදින්නේ පහත් ආත්ම භාවයක් ඇති ව ය. එ සේ පව් කර නොමැති නම්, වෙනත් පුද්ගලයකු වශයෙන් උපත ලබයි. මෙම පුනර්ජන්ම චක්‍රය අනන්ත ව ක්‍රියාත්මක වෙයි. එහෙත් බුදුන්වහන්සේ මෙම අඛණ්ඩ චක්‍රය බිඳ හෙලීමේ මාර්ගය සොයා ගත් හ. භාවනාවේ හා කැප වීමේ ධර්‍ම මාර්ගය තුළින් නැවත ඉපදීමක් නොමැති පරිපූර්ණ ‘නිර්වාණ’ තත්වයට පත්වීමට හැකි විය. මෙය ස්වර්ගය පිලිබඳ යුදෙව් - ක්‍රිස්තියානි සංකල්පයට වඩා වෙනස් විය.
බුද්ධත්වයෙන් පසු සිද්ධාර්ථ යන නම වෙනුවට සියලු දේ අවබෝධ කැර ගත් යන අදහස ඇති බුද්ධ යන නමින් හැඳින් වූ උන් වහන්සේ තම දර්ශනය ලෝ වැස්සන් අතරට රැගෙන ගිය හ. උන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශ්‍රාවකයින් විසින් මුළු ආසියාව පුරා ම බුදුදහම ව්‍යාප්ත කරන ලදි. චීනය, ජපානය, බටහිර ආසියාව හා ඉන්දියාවේ විශාල සංඛ්‍යාවක් බුදුදහම වැළඳ ගත් හ. අද ලෝකයේ බෞද්ධයන් මිලියන 300 ක් පමණ වෙසෙන අතර ඉන් සියයට 99.5ක් ම සිටින්නේ ආසියාවේ ය.
Wednesday, February 15, 2012
තාඕ වාදය ලොවට දායාද කළ ලාඕ ත්සු - චීනය | ක්‍රි. පූ. 604-531
![]() |
| ලාඕ ත්සු |
ලාඕ ත්සු සිය විශ්වාසයන් මෙම ග්‍රන්ථය තුළ මෙ සේ විස්තර කර යි. ලෝක ස්වභාවය රඳා පවතින්නේ කෙනකු සිය ජීවිත කාලය තුළ අනුගමනය කරන ‘මාර්ගය’ හෙවත් තාඕව (Tao) මත ය. එම මාර්ගයේ දී කෙනකු මනුෂ්‍යත්වයත් විශ්වයත් අතර පවතින සමබරතාවය හා විශ්වයේ ස්වභාවය තුළ පවතින එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේගයන් සහ මනුෂ්‍යත්වයේ ස්වභාවයත් අතර පවත්නා සමතුළනය අවබෝධ කර ගනී. මෙම ද්විභින්න භාවය සහ එහි සමබරතාවය ‘යින්’ (Yin) සහ ‘යැං’ (Yang) යනුවෙන් සාරාංශ කර දක්වා ඇත. යින් සහ යැං යන්නෙහි වාචික තේරුම හිරු එළිය වැටුණ කන්දක අඳුරු පැත්ත සහ ආලෝකය සහිත පැත්ත යන්න ය. නමුත් ඉන් සංකේතවත් කරන්නේ අඳුර සහ ආලෝකය, ස්ත්‍රී හා පුරුෂ, දුබල සහ ප්‍රබල, අහස සහ පොලොව, සුදු සහ කළු, හොඳ නරක වැනි ප්‍රතිවිරුද්ධ මූලයන් අතර පවත්නා සමතුළිත භාවය යි.
![]() |
| ලාඕ ත්සු ගේ Tao Te Ching කෘතිය |
ලාඕ ත්සු විග්‍රහ කරන අන්දමට තාඕ හෙවත් ‘මාර්ගය’ අනුගමනය කිරීමෙන් කෙනෙක් ‘බලවේගය’ යනුවෙන් දළ වශයෙන් පරිවර්තනය කළ හැකි ‘ටේ’ (Te) ක්‍රියාවට නඟයි. ‘ටේ’ හෙවත් බලවේගය ද යින් සහ යැං යන ද්විභින්න භාවයට යටත් වන අතර එ මඟින් අනුරූප විපාක ගෙන දෙන හොඳ හා නරක බලවේග වශයෙන් කොටස් දෙකකට වෙන් වේ. ‘ටේ’ යන්න හින්දු නොහොත් බෞද්ධ ආගම් වල දැක්වෙන කර්ම වාදයට හෝ ක්‍රිස්තියානි ආගමේ පාපය යන අදහසට සමාන ය. හින්දු ආගමට අනුව කෙනකුට යහපත් විපාක ලැබෙන්නේ ඔහු ගේ මරණයෙන් පසු පුනරුත්පත්ති චක්‍රයක් ඔස්සේ සිදු වන දෙව්ලොව උපත ලැබීම තුළිනි.
![]() |
| යින් සහ යැං සංකේතය |
එසේ වුව ද තාඕ වාදයේ දී කෙනකු යම් ක්‍රියාවක් කරන විට, ඒ මොහොතේ ම හෝ ඊට බොහෝ ආසන්නයේ දී ඊට සමාන ප්‍රමාණයකින් ප්‍රති ක්‍රියාවක් සිදු වේ (භෞතික විද්‍යාවේ සර් අයිසෙක් නිව්ටන් ගේ චලිතය පිලිබඳ තුන් වන නියමයට සමාන අයුරින්). ලාඕ ත්සු එතුමන් ජීවත් ව සිටි කාලයේ දී මහත් ගෞරවාදරයට පාත්‍ර වූ අතර පසු පරම්පරාවන් හි බිහි වූ දේවධර්මවාදීන්ට මහත් ආභාසයක් ද වූයේ ය.
Subscribe to:
Posts (Atom)


















