ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Tuesday, February 7, 2012

මෝසෙස් (ඊශ‍්‍රායලය - කි‍්‍ර. පූ. 1300-1220)

මෝසෙස් දස පනත සමඟ
කි‍්‍ර. පූ. 13වන ශත වර්ෂයේ දී ඊජිප්තුවේ වාසය කළ හීබ‍්‍රෑ ජනයා අති මහත් රාජ්‍ය වධ බන්ධනයන්ට භාජනය වූ හ. එක් අවස්ථාවක දී පිරිමි හීබ‍්‍රෑ දරුවන් සියලු දෙනා ම මරා දමන ලෙස පාරාවෝ රජු නියෝග කළේ ය. මෝසෙස්ගේ මව හීබ‍්‍රෑ දරුවකු වූ සිය පුත‍්‍රයා ගේ දිවි රැක ගැන්මේ අරමුණින් ඔහු වේවැල් කූඩයක බහා නයිල් නදියේ පා කර හැරියා ය. ඈ බලාපොරොත්තු වූ ලෙසට ම, දරුවා පාරාවෝ රජු ගේ දියණිය විසින් බේරා ගනු ලැබ රාජකීය මාළිගයේ ඇති දැඩි වූයේ ය. තරුණ වියට පත් මෝසෙස් සිය ජනතාව ගේ විමුක්තිය සඳහා අවසර ඉල්ලූ අතර අවසානයේ ඒ සඳහා පාරාවෝ රැම්සේ රජුගේ (කි‍්‍ර. පූ. 1292-1225) අවසරය අකමැත්තෙන් හෝ ලැබිණ. හීබ‍්‍රෑ ජනතාව ඊජිප්තුවෙන් පිට මං කර ගත් මෝසෙස් සිනායි හි තැනින් තැන ඇවිද යමින් අවසන සිය සාම්ප‍්‍රදායික නිජ භූමිය වූ වර්තමාන ඊශ‍්‍රායලයට පැමිණියේ ය. මේ සඳහා ඔවුන්ට අවුරුදු 40 ක් පමණ ගත වී යැයි කියනු ලැබේ.

කි‍්‍ර. පූ. 1250 දී පමණ සිනායි කන්දේ ඉහළ බෑවුමේ පිළිස්සෙන පඳුරක් වශයෙන් පහළ වූ දෙවියන් වහන්සේ, මෝසෙස් වෙත ගල් ලෑලි දෙකක් දුන් හ. එහි අඩංගු වූයේ දසපනත නමින් හැඳින්වෙන නීති මාලාව යි. මෝසෙස් මෙය ජනතාව වෙත රැගෙන ගිය අතර මෙය යුදෙව් වාදයේ මූලික ආචාර ධර්‍ම පද්ධතිය වශයෙන් සළකා අනුගමනය කරනු ලැබිණ. කි‍්‍රස්තියානි ආගම විසින් මෙම දස පනත පසු කාලීන ව සිය ආගමට ඇතුළු කර ගන්නා ලදි. එය අද බිලියන 1. 6 ක් පමණ වූ ජනතාව ගේ මූලික විශ්වාසයන් අතරට එක් වී ඇත.

පාරාවෝ දියණිය මෝසෙස් බේරා ගැනීම
මෙසපොතේමියාව, ඊජිප්තුව, ඉන්දියාව, ගී‍්‍රසිය, හා පසුකාලීන ව රෝමය වැනි රටවල පැවැති පුරාණ ආගම් බොහොමයක් බහු දේවවාදී විය. මෙම ආගම්වල බැතිමත්හු සූර්ය දෙවියන්, චන්ද්‍ර දෙවියන් ආදී වශයෙන් දෙවිවරු විශාල සංඛ්‍යාවක් ඇදැහූ හ. කෙ සේ වුවත් ඊශ‍්‍රායලයේ ගෝත‍්‍ර 12 කින් සමන්විත හීබ‍්‍රෑ වරුන් ජෙහෝවා නමින් හඳුන්වන ලද එක් දෙවියකු පමණක් විශ්වාස කළ හ.
ආරම්භයේ දී මෙම ඒක දේව වාදය විශ්වාස කළේ ඉතාමත් සුළු පිරිසකි. එහෙත් අද එය ලොව පුරා විසිරී ඇති ආගමික බැතිමතුන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසකගේ මූලික ඇදැහීම වී ඇත.

ඊජිප්තුවෙන් පිටව යාමට පෙර

12 comments:

  1. ඔබ පවසන ජෙහෝවා(හරි නම යෙහෝවා) කියන්නෙත් කතෝලික ආගමේ දෙවියන් වහසේගේම නාමය ය.(ගීතාවලිය 83:17,නික්මයාම 3:15)

    ReplyDelete
  2. "කි‍්‍රස්තියානි ආගම විසින් මෙම දස පනත පසු කාලීන ව සිය ආගමට ඇතුළු කර ගන්නා ලදි."

    මම දන්න හැටියට නම් පසුකාලීනව ඈඳා ගත්තා කියන්න බෑ..කතෝලික ආගමේ පරණ ගිවිසුම කියලා එකක් තියෙනවනෙ..ඒක පසුකාලීනව ඈඳා ගත්තු එකක් නෙමෙයි..ජේසුතුමා පවා පාවිච්චි කළේ පරණ ගිවිසුම..

    @නිකමා : යොහෝවා ජොහෝවා දෙකම පාවිච්චි වෙනවා..රෝමානු කතෝලිකයෝ 'ජ' සහිතව පාවිච්චි කරන බොහෝ වචන අනික් ක්‍රිස්තියානි කණ්ඩායම් 'ය' ලෙස භාවිතා කරයි..

    ReplyDelete
  3. වටිනා ලිපියක්..

    ReplyDelete
  4. මෑතක මා කියවූ ඉතා වැදගත් තොරතුරු ඇතුළත් ලිපියකි. මෙවැනි ඓතිහාසික තොරතුරු ඇතුළත් ලිපි මගින් වැඩිහිටියන්ට පමණක් නොව පාසල් දරුවන්ට ද ඉතා ප්‍රයෝජනවත් වේ. තව දුරටත් මෙවැනි ලිපි ලිවීමට ආසිරි හා සුභපැතුම්!
    ෴ධර්මෝපදේශකයා෴
    http://catechismway.blogspot.com

    ReplyDelete
  5. මොසෙස්ගේ කිරි මව වුනේ මෝසෙස්ගේ සැබෑ මවමයි. යෙහෝවා , ජෙහෝවා, යාහ්වේ මේ ඔක්කොගෙන්ම කියැවෙන්නේ එකම දෙය.හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවියන් වහන්සේට කියන්නේ යාහ්වේ කියලා.

    #හරී කිව්වා වගේම දස පනත පසු කාලීනව ගත්ත එකක් නෙමේ.

    මෝසෙස් වහල් ජනතාව බේර ගන්න කලින් වසංගත 10ක් එන්වා. අන්තිම වසංගතය වන කුලුදුල් දරුවන් මියයෑම එකෙන් පාරාවෝගේ ලමයත් මැරුණා. ඒක නිසා තමා යන්න දුන්නෙ. දැන් මෝසෙස් මුහුද දෙබෑ කරා කියන්වනේ. ඒත් ඇත්තටම උනේ මෙහෙම දෙයක්. රතු මුහුද සාමාන්‍යයෙණ් සැරයි ( මෝසෙස් හිටපු පෙදෙසේ). එකල හිටපු මිනිස්සු මේ රතු මුහුද තරණය කරන්න බය උනා. වතුර එච්චර උසකට තිබ්බෙ නැතත් කොයි වෙලාවෙ වැඩි වෙයිද කියන්න බෑ. යනවනම් යන්න ඕනෙ වටෙන්. ඒකට ගොඩක් වෙලාව යනවා. ඒ කාලෙ හිටපු වෙළදුන්නම් රතු මුහුද ඕනතරම් තරණය කරල තියෙනවා. මොකද වටෙන් ගිහින් අනවශ්‍ය විදිහට ආහාර හා කාලය නාස්ති කරගන්න ඕනෙ නැති නිසා.

    මෝසෙස් මෙතනට එද්දි හේවායෝ පස්සෙන් ආවා. මිනිස්සු දන්නවා රතු මුහුදෙ හැටි. කොයි වෙලාවෙ වතුර නගියිද දන්නෙ නෑ. මනුස්සයෙක්ගේ විශ්වාසයට කටෙන් කියන වචනෙ විතරක් මදි. මොකක්හරි බාහිර දෙයක් තියෙන්න ඕනෙ. ඒ නිසා තමා මෝසෙස් සැරයටියක් අතට ගත්තෙ. ඒක අතට අරන් මුහුද දෙසට දික්කරා. ඊට පස්සෙ මිනිස්සුන්ට කිව්වා රතු මුහුද තරනය කරමු කියලා. මිනිස්සු එතකොට මෝසෙස් කිව්ව දේ විශ්වාස කලා. වහල් ජනතාව එගොඩට යනකන් රතු මුහුද කැලබුනේ නෑ. ඒත් හේවායෝ රතු මුහුද තරනය කරද්දි රතු මුහුදෙ වතුර වැඩිවුනා...

    මේකට සාක්ෂි මේ ලින්ක් එකේ තියෙනවා.
    http://www.preteristarchive.com/Ancient_Revelations/epigraphy/egypt_exodus-crossing.html

    ReplyDelete
  6. මිතිල ඔයා මොකුත් දන්නෙතුව මෝඩ පන්ඩිත ටොක් දෙන්න එපා උබට දෙවියන් ගඑන විස්වාසයක් නෙති වෙන්ඩ පුලුවන් esreal ජනතාව රතු මුහුදට බෙස්සෙ පීනල යන්ඩ නොවෙඉ ඊශ්‍රායල් ජනතව ලක්ශ 15 වඩියෙන් එතන හිටිය තව සත්තු ලක්ශ ගනනවක්කුත් එතන හිටිය එතකොට එ අයගෙ කරත්ත ඒවත් ගෝඩක් තිබඋන එච්චර සෙනගකට කොහොමද වතුරෙන් පීනල යන්ඩ බහෙ අනික මෝසස් තුමා අතෙ සෙරයඑටිය මුහුදට දිගු කලෙ දෙවියන් වහන්සේ මෝසෙස්ට අන කල නිසයි.. මොසස් සහ පිරිස ගමන් කලෙ මුහුදු මෙද පාරකින් ගමන් කරනව වගෙඉ..mithila උබ නිකන් මෝඩ පන්ඩිතයෙක් වෙන්නෙ නැතුව හිටපන් ඔය සිද්දිය තියෙන්නෙ බයිබලයේ විතරක්ම නොවයි..අනික මෙතන වෙරදියට සදහන් වෙනව දස පනත් දුන්නෙ සීනයි කන්දෙ තමයි ඒත් අවිලෙන පදුරක් ආකරයට දෙවියන් වහන්සේ කතා කරෙ මෝසස්ට රජතුමාට සෙනග උදෙස කතාකරන්න කියලයි

    ReplyDelete
  7. "නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිඟුකොට ඒක බෙදන්න. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය." - (නික්මයාම 14:16 [CBS-ROV-1995])

    ReplyDelete
  8. "මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය; ස්වාමීන්වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය." - (නික්මයාම 14:21 [CBS-ROV-1995]) "ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය." - (නික්මයාම 14:22 [CBS-ROV-1995])"තවද ස්වාමීන්වහන්සේ උදය යාමෙහි ගිනි සහ වලා ටැඹ මැදින් මිසර සේනාව දෙස බලා මිසර සේනාව වියවුල්කළසේක." - (නික්මයාම 14:24 [CBS-ROV-1995])"උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය." - (නික්මයාම 14:25 [CBS-ROV-1995])"ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ජලය මිසරවරුන් පිටද ඔවුන්ගේ රථ සහ අසරුවන් පිටද හැරී එන පිණිස නුඹේ අත මුහුද කෙරෙහි දිගුකරන්නැයි කීසේක." - (නික්මයාම 14:26 [CBS-ROV-1995])"මෝසෙස් තමාගේ අත මුහුද කෙරෙහි දිගුකෙළේය, පහන්වූ කල මුහුද එහි නියම ස්වභාවයට හැරුණේය; මිසරවරු ඒ ඉදිරියට දිවගියෝය; ස්වාමීන්වහන්සේ මිසරවරුන් මුහුද මැද හෙළාදැමූසේක." - (නික්මයාම 14:27 [CBS-ROV-1995])"ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය." - (නික්මයාම 14:28 [CBS-ROV-1995])"එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැද වියළි භූමිය පිට ගියෝය; ජලය දකුණෙන්ද වමෙන්ද ඔවුන්ට තාප්පයක් වූයේය." - (නික්මයාම 14:29 [CBS-ROV-1995])

    ReplyDelete
  9. වටිනා ලියවිල්ලකි

    ReplyDelete

About

BTemplates.com