ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Wednesday, February 22, 2012

පර්සියානු අධිරාජ්‍යය නිර්මාණය කළ මහා සයිරස් | Cyrus the Great | පර්සියාව (ක්‍රි. පූ. 558-528)

මහා සයිරස්
ඉතිහාසය පුරා පැවති මහා අධිරාජ්‍යයන් බොහෝ විට වැදගත් වන්නේ ඒවායෙන් සිදු වූ දේශපාලනික බලපෑම් වලට වඩා ඒවායෙන් උරුම වූ සංස්කෘතික අභාසයන් නිසා ය. හැම විට ම අධිරාජ්‍යයක පවත්නා දේශපාලන බලය යම් කාලයකට පසු බිඳ වැටේ. එහෙත් එයින් ඇති වන භාෂාව, කලාව, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර පිලිබඳ ආභාසයන් ශත වර්ෂ ගණනාවක් පුරා නොනැසී පවතී.

මහා සයිරස් විසින් නිර්මාණය කරන ලද පර්සියානු අධිරාජ්‍යය, ඉතිහාසය පුරා බිහි වූ ආදීතම ශ්‍රේෂ්ට අධිරාජ්‍යයන් අතරට ගැනෙන අතර, එය නිරිතදිග ආසියාවේ හා නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශයේ ඇති වූ වැදගත් ම අධිරාජ්‍යයන්ගෙන් එකකි. ඔහු පර්සියානු රදළ වංශිකයකු වන කැම්බිසස් ගේ සහ මීඩියා හි රජ වූ ඇස්ට්යේජස් ගේ දියණිය වූ මැන්ඩේන් කුමරිය ගේ පුත්‍රයා විය. ජනප්‍රවාදයට අනුව ඇස්ට්යේජස් රජු සිය මුනුපුරා මුළු ආසියාවේ ම පාලකයා වන බවට සිහිනෙන් දුටුවේ ය. එ බැවින් සයිරස් කුඩා කාලයේ ම මරා දැමීමට ඔහු තැත් කළේ ය. එහෙත් ඉන් ගැලවුණු සයිරස් තරුණ වයසට පැමිණ සිය මුත්තණුවන් හා සටන් කොට පරදවා ලූයේ ඔහු දුටු සිහිනය සැබෑ කරමිනි. ලිඩියන් අධිරාජ්‍යය යටත් කළ සයිරස් බැබිලෝනියාව ජය ගත්තේය. චූල ආසියාවේ වූ ග්‍රීක නගර සියල්ල අල්ලා ගත්තේ ය. බයිබලයේ සඳහන්කර ඇති අන්දමට (II Chronicles 36:22-23 හා Ezra1:1-4) ඔහු පර්සියාවේ සිර කර ගෙන සිටි හීබ්‍රෑ ජනතාව නිදහස් කෙළේ ය.

"සයිරස්ගේ හිස ටොමිරිස් රැජින වෙත ගෙන ඒම" සිතුවම
සයිරස් අධිරාජ්‍යයා ගේ මරණය සිදු වන විට, නූතන ඇෆ්ඝනිස්ථානයේ හින්දුකුෂ් කඳු වැටියේ සිට ඉන්දු ගංගාව හා මධ්‍යධරණියේ වෙරළ දක්වා පැතිරුණ අධිරාජ්‍යයක් නිර්මාණය වී තිබිණ. ඔහු ගේ අනුප්‍රාප්තිකයින් ග්‍රීකයන් සමඟ ලෝක ඉතිහාසය වෙනස් කළ තරඟයකට මුහුණ දුන්නේ මෙම මධ්‍යධරණී ප්‍රදේශයේ දී ය.

සයිරස් ගේ ජයග්‍රණයන් තුළින් පර්සියාවේ පැවති සරු සාර සංස්කෘතිය එ කල සංවර්ධිත ව පැවති රටවල් බොහොමයකට පැතිර ගියේ ය. සිතියන් මාස්ගෙටේට එරෙහි ව මෙහෙය වූ අවසාන සටනේ දී සයිරස් ගේ හමුදාවන් පරාජයට පත් වූ අතර එහි දී ඔහු මැරුම් කෑවේ ය. සයිරස් ගේ අවසාන පරාජය සුප්‍රකට බරොක් සිත්තරකු වූ පීටර් පෝල් රියුබන් (1577-1640) විසින් සයිරස්ගේ හිස ටොමිරිස් රැජින වෙත ගෙන ඒම යන සිතුවමින් අමරණීයත්වයට පත් කළේ ය.

සයිරස්ගේ සොහොන් කොත

12 comments:

  1. ගොඩාක් වටින ලිපියක්. ලිව්වට බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. Just a one clarification! Was the Persian Empire's centre the present day Iran? It's great If you can clarify this-Thanks

    ReplyDelete
    Replies
    1. Kadupul, Thanks for your interest. Persepolis was the ancient capital of the Persian Empire and its' remains stand in modern-day Iran. Persia was historically the common name used for Iran. Persian empire said to have spanned across 8 million sq km covering three continents of Asia, Africa and Europe. Empire included the modern territories of Iran, Turkey, parts of Central Asia, Pakistan, Macedonia, Afghanistan, Iraq, northern Saudi Arabia, Jordan, Israel, Lebanon, Syria and ancient Egypt as far west as Libya. To see the map of Persian empire Click Here



      name "Iran", which in Persian means "Land of the Aryans"

      Delete
  3. @මගේ විජිතය @හරී, ඔබේ දිරි ගැන්වීමට බොහොම තුති

    ReplyDelete
  4. Madawa,

    Thank you very much for your elaborative reply and the link for the map of the Persian empire!Please keep it up your good work.

    ReplyDelete
  5. වටින ලිපියක්.ස්තූතියි....සයිරස් අධිරාජයා ගෞතම බුදුන් වහන්සේට සමකාලීන බවත් බෞද්ධ මූලාශ්‍ර වල ශක්‍ර ලෙසින් හැඳින්වෙන්නේ ඔහු බවටත් වන මතයක් තිබෙනවා කියා අසා තිබෙනවා....ඒ ගැන ඔබේ අදහස කුමක් ද මිත්‍රයා..?

    ReplyDelete
  6. වෙනස් විදිහේ බ්ලොග් එකක්..ඇත්තටම අපුරුයි..අහම්බෙන් දැක්කේ..
    දිගටම ලියන්න..ජය වේවා!!!

    ReplyDelete
  7. ෂා...... මං මේ වගේ සයිට් එකක් හොය හොය හිටියේ.දිගින් දිගටම ලියන්න.ජය වේවා!

    ReplyDelete
  8. ඉතිහාසය ගැන ලියන ලිපි වලට මම හරි කැමතියි. හොඳ ලිපියක්. මධ්‍යස්ත මත්ධරියගේ ලිපියකින් දැකලා ආවේ.

    ReplyDelete

About

BTemplates.com