
අවසානයේ තමා සොයමින් සිටි සත්‍ය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ සමත් වූයේ ක්‍රි. පූ. 528 වෙසක් දින රාත්‍රියේ බෝ රුකක් යට දී සියලු අවබෝධය ඇති ව බුද්ධත්වයට පත් වීමෙනි. එම මොහොතේ දී සැනෙකින් උන්වහන්සේ දුක නැති කරන මාර්ගය අවබෝධ කරගත් හ. හින්දු ආගමේ මූලික ධර්මය වූයේ පුනරුත්පත්තිය යි. ඒ අනුව ජීවත් වන සෑම ප්‍රාණියකු ම මරණයෙන් පසු වෙනත් ප්‍රාණියකු වශයෙන් උපත ලබ යි. මෙම චක්‍රය සදාකාලික ව, අඛණ්ඩ ව ක්‍රියාත්මක වෙයි. සත්වයකු ගේ ආත්මය කුඩා කෘමියකු ගේ සිට විශාල සිවුපාවකු හෝ මනුෂ්‍යයකු දක්වා කෙමෙන් පරිණාමය වෙයි. යම් මනුෂ්‍යයෙක් ජීවිත කාලය තුළ පව් කර ඇත් නම්, ඔහු නැවත උපදින්නේ පහත් ආත්ම භාවයක් ඇති ව ය. එ සේ පව් කර නොමැති නම්, වෙනත් පුද්ගලයකු වශයෙන් උපත ලබයි. මෙම පුනර්ජන්ම චක්‍රය අනන්ත ව ක්‍රියාත්මක වෙයි. එහෙත් බුදුන්වහන්සේ මෙම අඛණ්ඩ චක්‍රය බිඳ හෙලීමේ මාර්ගය සොයා ගත් හ. භාවනාවේ හා කැප වීමේ ධර්‍ම මාර්ගය තුළින් නැවත ඉපදීමක් නොමැති පරිපූර්ණ ‘නිර්වාණ’ තත්වයට පත්වීමට හැකි විය. මෙය ස්වර්ගය පිලිබඳ යුදෙව් - ක්‍රිස්තියානි සංකල්පයට වඩා වෙනස් විය.
බුද්ධත්වයෙන් පසු සිද්ධාර්ථ යන නම වෙනුවට සියලු දේ අවබෝධ කැර ගත් යන අදහස ඇති බුද්ධ යන නමින් හැඳින් වූ උන් වහන්සේ තම දර්ශනය ලෝ වැස්සන් අතරට රැගෙන ගිය හ. උන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශ්‍රාවකයින් විසින් මුළු ආසියාව පුරා ම බුදුදහම ව්‍යාප්ත කරන ලදි. චීනය, ජපානය, බටහිර ආසියාව හා ඉන්දියාවේ විශාල සංඛ්‍යාවක් බුදුදහම වැළඳ ගත් හ. අද ලෝකයේ බෞද්ධයන් මිලියන 300 ක් පමණ වෙසෙන අතර ඉන් සියයට 99.5ක් ම සිටින්නේ ආසියාවේ ය.
හොඳ ලිපියක්.හැබැයි බුදුහාමුදුරුවො ගැන මෙහෙම කෙටි ලිපියකින් ලියල ඉවර කරන්න බෑ කියලයි මම හිතන්නෙ.
ReplyDeleteඒක සහතික ඇත්ත. බුදුහාමුදුරුවන්ගේ ගැන පූර්ණ චිත්‍රයක් මෙවැනි කෙටි ලිපියකට ග්‍රහණය කරගන්න අමාරුයි. ඒත් මේ වෑයම ලිපි මාලාවේ සමස්ත සන්දර්භයට සමාන්තරව යන විදියට උන් වහන්සේගේ භූමිකාව ඉතිහාස කාල රේඛාව මත පිහිටුවීම සඳහා අවශ්‍ය සංක්ෂිප්තයක් සොයා ගැනීමයි.
ReplyDeleteවැදගත් වැඩක්...! බුදු හාමුදුරුවෝ ගැන ලියපු එකටම නෙවෙයි කිව්වේ. මේ වගේ වැදගත් තේමාවකින් වෙනස්ම බ්ලොග් එකක් කරන එකට... ජය !!!
ReplyDeleteස්තුතියි චතුරංග, සිංහල බිලොග් දහස් ගණනක් තිබුණත් ඒ තුළ කිසියම් ඒකාකාරී බවක් දුටු නිසයි මෙවැන්නක් කරන්න හිතුනෙ. මගේ අනික් බ්ලොග් වලටත් ගිහින් ඔබේ අදහස් කීවොත් ශක්තියක්.
ReplyDeletehari apuru lipi pelak....pahadili bhashawak
ReplyDeleteloka ithihasaya ganath liyanna aarahana karanawa :)
ඉදිරියට කරගෙන යන්න..ගොඩක් වටිනව... තෙරුවන් සරණයි
ReplyDelete